ඉදිරිය දුෂ්කරයි

  • T20 ලෝක කුසලානයේ දෙවන වටයේදී ශ්‍රී ලංකාවට හමුවීමට නියමිත රටවල් මොනවාද ?
  • කණ්ඩායමේ සංයුතිය කෙසේ වියයුතුද ?
  • ජීවන්ත කුලතුංගට සිදුවූයේ කුමක්ද ?
  • පුණුණු තරඟවල තොරතුරු


2010 T20 ලෝක කුසලානය ඇරඹීමට ඇත්තේ තවත් දින 2ක් පමණි. තරඟාවලියේ සමාරම්භක තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර එළඹෙන 30 වනදා ගයානා හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තවද, අදදින (28) ද. අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව තරඟවදින ප්‍රථම පුහුණු තරඟය  පැවැත්වීමට නියමිතයි. ඒ  බාබඩෝස් හි බ්‍රිජ්ටව්න් ක්‍රීඩාංගනයේදීය. පුහුණු තරඟය පවත්වන ක්‍රීඩාංගනයේ වැදගත් කරුණ වනුයේ, දෙවන වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවහොත් එහිදී ක්‍රීඩාකරන තරඟ 3න් 2ක්ම පවත්වනුලබන්නේ මෙම ක්‍රීඩාංගනයේ වීමයි.

පළමු වටයේදී ශ්‍රී ලංකාව, නවසීලන්තය හා සිම්බාබ්වේ සමඟ B කාණ්ඩයෙන් තරඟවදී. මෙහිදී මෙම කණ්ඩායම් 3 අතර සියළුම තරඟ පවත්වනු ලබන්නේ ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේදීය. මෙම ක්‍රීඩාංගනයේ මේවනතෙක් කිසිදු ජාත්‍යන්තර T20 තරඟයක් පවත්වා නොමැති අතර තණ තීරු මන්දගාමී ස්වභාවයක් ගනු ඇතැයි විශ්වාස කළ හැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ හා සිම්බාබ්වේ දඟ පන්දුයවන්නන් නවසීලන්ත පිතිකරුවන්ට ප්‍රභල අභියෝගයක් එල්ලකිරීමේ හැකියාවක් පවතී. මෙම වටයේදී කාණ්ඩයේ ප්‍රථමයාවීම එතරම් වැදගත් කරුණක් නොවේ. මන්ද කාණ්ඩයේ ප්‍රථමයා හා දෙවෙනියා පසුගිය තරඟාවලියමත වර්ගකර දෙවනවටයේ (සුපර් 8) කාණ්ඩ 2ක් නම්කර තිබීමයි.

A කාණ්ඩයB කාණ්ඩයC කාණ්ඩයD කාණ්ඩය
1.පාකිස්ථානය(A1)2.ශ්‍රී ලංකාව(B1)3.ද. අප්‍රිකාව(C1)4.බ. ඉ. කොදෙව්(D1)
8.බංග්ලාදේශය(A2)7.නවසීලන්තය(B2)6.ඉන්දියාව(C2)5.එංගලන්තය(D2)
9. ඕස්ට්‍රේලියාව 10.සිම්බාබ්වේ11.ඇෆ්ගනිස්ථානය12.අයර්ලන්තය


 E කාණ්ඩය

F කාණ්ඩය
A1A2
B2B1
C1C2
D2D1

එනම්, ඉහත අයුරින් පසුගියවර ශූරයන් වූ පාකිස්ථානය A1, අනුශූරයන් වූ ශ්‍රී ලංකාව B1,  ආදී ලෙසයි. අනතුරුව දෙවන වටයේදී එක් එක් කාණ්ඩයේ පළමු  කණ්ඩායම් 2 E හා F ලෙස කාණ්ඩගත කරයි. නමුත්, උදාහරණයක් ලෙස  A කාණ්ඩයෙහි පාකිස්ථානය A1 ලෙසද, බංග්ලාදේශය A2 ලෙසද නම්කරතිබේ. බංග්ලාදේශ කණ්ඩායම කාණ්ඩයෙහි ප්‍රථම ස්ථානය ලබාගත්තද ඔවුන් මීළඟ වටයට යන්නේ A2 ලෙසයි. තවද A2 ලෙස නම්කර ඇති බංග්ලාදේශ කණ්ඩායමට පළමු වටයේදී තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුවහොත්, ඕස්ට්‍රේලියා කණ්ඩායම A2 ස්ථානයට පත්වීමක් සිදුවේ. මෙලෙස නම්කිරීමට හේතුව ලෙස දක්වන්නේ, ක්‍රීඩාංගනවලට පැමිනෙණ තරඟ නරඹන්ණන්ට අවශ්‍ය ටිකට්පත් කලින් වෙන්කර ගැනීමේ පහසුවයි. අනතුරුව E හා F කාණ්ඩවල පළමු කණ්ඩායම් 2 අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබයි.

මේ අනුව ශ්‍රී ලංකාව සමඟ F කාණ්ඩයට පැමිණීමට වැඩිහැකියාවක් ඇති කණ්ඩායම් වනුයේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා බ. ඉ. කොදෙව්වන්ය. මේ අනුව පැහැදිලිවන කරුණ වනුයේ, දෙවන වටයේදී ශ්‍රී ලංකාවට ඇත්තේ පහසු අභියෝගයක් නොවනබවයි.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ  දඟ පන්දුයවන්නන් දෙදෙනෙකුවත් ක්‍රීඩාකිරීම බොහෝවිට සිදුවියහැක. ඒ මුරලි සමඟ සනත්ද, නැතිනම් මුරලි , සනත් සමඟ මෙන්ඩිස් / රන්දීව් වියහැක. කෙසේවුවත් ඩිල්ෂාන් සමඟ මහේල ඉනිම ආරම්භකිරීම අනිවාරයයෙන්ම සිදුවියයුත්තකි. පසුගිය 2009 ජනවාරි මස පටන් ලකුණු අතර සිටි ඩිල්ෂාන්, මෑතක ඇතිවූ ආබාධයෙන් පසුව ලකුණුඅතර නැතිබවක් පෙනේ. එබැවින් ඩිල්ෂාන් සමඟ සනත් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩාකිරීම, ආරම්භක පිතිකරුවන් නොමැතිව ක්‍රීඩාකරනවා වැනි ක්‍රියාවකි. තවද, පසුගිය අන්තර් පළාත් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාවූ මාගේ ප්‍රියතම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් හට මෙවර අවස්ථාවක් හිමිවියහැක.

ඔහු වැනි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මැදපෙළ ක්‍රීඩාකිරීම අනිවාර්යයෙන්ම වියයුත්තකි. පසුගිය තරඟාවලිදෙස බැලූකල පෙනීයන කරුණක් වනුයේ චාමර කපුගෙදර ලකුණු අතර නොමැති බවයි. එබැවින් චන්දිමාල්ට අවස්ථාවක් ලැබීම බොහෝවිට සිදුවියහැක. මා දකින අයුරින් චන්දිමාල් යනු, ඇන්ජලෝ මැතිව්ස්ට පසු, දිනෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වියහැකි මට්ටමේ ක්‍රීඩකයෙකි.

පළමු හා දෙවන වට වළදී, නවසීලන්ත හා ඕස්ට්‍රේලියා තරඟවලදී මෙන්ඩිස් ක්‍රීඩා කිරීමෙන් වාසියක් ලැබියහැක. බොහෝවිට මැතිව්ස් හා තිසර පෙරේරාත් ක්‍රීඩාකළහැක. කෙසේ වුවත්, ඩිල්හාර මෙම සංචිතයට නම්නොකිරීම විශාල පාඩුවකි. පසුගිය අන්තර් පළාත් තරඟාවලියේ තරඟාවලියේ වීරයා වූ ජීවන්ත කුලතුංග ගැන පැවසීමට ඇත්තේ, මෙය ඔහුගේ අවාසනාව බවයි. එනම්, තේරීම් කමිටුව ඔහුව නම්නොකිරීමට ගත් තීරණය සමඟ මා එකඟවනබවයි. මන්ද, එම තරඟා වලියේදී ඔහු එල්ලකර ඇති 6 පහර සංඛ්‍යාව අල්ප වීමයි. කොටිම, ඔහු ශතකයක් වාර්ථාකළ ඉනිමේදී ඔහු එකඳු 6 පහරක් හෝ එල්ලකර නොමැත.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යය වනුයේ 6 පහර විශාල සංඛ්‍යාවක් එල්ලකළහැකි ක්‍රීඩකයන්ය.මාගේ පළාත් කණ්ඩායමට ඔහු ක්‍රීඩාකළද, කිවයුතු සත්‍යය මෙයයි. මාධ්‍යයවේදීන් ලකුණු පුවරුවක් දෙසබලා, වැඩිම ලකුණු ලාභියා මොහුයයිකියා යම් ක්‍රීඩකයෙකු  පැවසිය හැක. නමුත් තරඟය නැරඹූ අය දනී, ඔහු ලබාදුන් උඩපන්දු කීයක් අතහැරුනද, පිත්තේ දාරවල වැදී හතරේ පහර කීයක් ගියාද වැනි දෑ. මෙයින් මා පවසන්නේ නෑ ජීවන්ත ලබා දුන් උඩ පන්දු අන් ක්‍රීඩකයන් අත්හැරි නිසා හෝ පිත්තේ දාරයේ පන්දුව වැදී ලබාගත් 4 පහර වලින් ඔහු ලකුණු ලබාගත්බවක්.

මේවනවිට පුහුණු තරඟ 4ක් පවැත්වී අවසානය. පුහුණු තරඟවල එතරම් වැදගත්කමක් නැතත්, මේ වනවිට එක් පෙරළියක් සිදුවී අවසානය. එනම්, ඕස්ට්‍රේලියා කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ පරාජය වීමයි. තවද, නවසීලන්තය , අයර්ලන්තය පරාජය කිරීමත් බංග්ලාදේශය , බාබඩෝස් කණ්ඩායම පරාජය කිරීම හා පාකිස්ථානය, වින්ඩ්වර්ඩ් දූ. කණ්ඩායම පරාජය කිරීමත් සිදුවී ඇත.

Read More