Showing posts with label ක්‍රීඩකයන්. Show all posts
Showing posts with label ක්‍රීඩකයන්. Show all posts

බංග්ලාදේශ නායකයා ඉන්දියාවේ ටෙස්ට් තත්වය ප්‍රශ්න කරයි !

ඊයේ ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවති ඉන්දු - එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය අවසන් වූයේ ඉන්දියාවට ලකුණු 319 ක අමිහිරි පරාජයක් හිමිකර දෙමින්. මෙහිදී ඉන්දියාවේ පිතිකරුවන්ගේ දුර්වලතාව කැපී පෙනෙන්නක් විය.

තවද ඊයේ අවසන්වූ බංග්ලාදේශ - සිම්බාබ්වේ තෙදින පුහුණු තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී බංග්ලාදේශ නායක සකීබ් අල් හසන්, ඉන්දු - එංගලන්ත තරඟාවලිය පිළිබඳව අදහස් දැක්වීමට ඉදිරිපත්විය.

" මම නම් හිතන්නෙ නෑ ඉන්දියාව ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු කණ්ඩායමක් කියල. බලන්න, ඔවුන් අවසාන ටෙස්ට් ඉනිම් 7 තුළදී ලකුණු 300 කඩඉම පසු කර ඇත්තේ එක්වතාවක් පමණයි. අවසාන ඉනිම් 5 සැළකුවහොත් එක් වතාවක්වත් නැහැ. නමුත් බංග්ලාදේශය අවසාන ඉනිම් 7 තුළදී තෙවතාවක් ලකුණු 300 කඩඉම පසු කරන්න සමත්වුනා. එයට එංගලන්තයට එරෙහිව ඩකා හිදී රැස්කළ ලකුණු 419 හා ලෝර්ඩ්ස් හිදී රැස්කළ ලකුණු 382 ඇතුලත්. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

තවදුරටත් සකීබ් වර්තමානයේ සිටින දුර්වල ඉන්දීය ආරම්භක පිතිකරුවන් පිළිබඳව අදහස් දැක්විය.
" ඇත්ත වශයෙන්ම මෙම තරඟාවලියේදී ඔවුන්ගේ ආරම්භයන් ඉතාමත් දුර්වලයි. එය කිසිසේත්ම ටෙස්ට් කණ්ඩායමකට නොගැලපෙන්නක්. ඔබට මතක ඇති පසුගිය වසරේදී ලෝඩ්ස් පිටියේදී හා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී තමීම් බායි (සහෝදරයා) පන්දු 100 කින් වාර්තාකළ ශතක 2 . තවද අපගේ අනෙක් ආරම්භක පිතිකරු ඉම්රුල් කයිස් ද හොඳින් ලකුණු රැස්කළා. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

අනතුරුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු ප්‍රකාශ කළේ, විරේන්ද්‍ර ෂෙවාග් නැවත ඉන්දීය කණ්ඩායමට එක් වුවද මේ තත්වයේ වෙනසක් සිදුනොවන බවයි. සංඛ්‍යයා දත්ත අනුව ද එසේ සිදුවීමේ ඉඩකඩ වැඩිය. ෂෙවාග් එංගලන්තය තුළදී ටෙස්ට් තරඟවල පවත්වාගෙන යන සාමාන්‍යය වනුයේ 39.5 කි. මීළඟ තරඟ 2 පැවැත්වෙන; එඩ්ග්බස්ටන් හිදී ඔහු එකදු තරඟයක් හෝ ක්‍රීඩා කර නොමැති අතර, ඕවල් හි ඔහුගේ සාමාන්‍යය 12 ක් වේ. කෙසේවෙතත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් එංගලන්තයේදී 67 ක සාමාන්‍යයක් පවත්වාගැනීමට සමත්ව තිබේ.

මාධ්‍යවේදීන් විසින් ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව නැඟූ ප්‍රශ්නවලට පිළිතුරුදුන් සකීබ් කියාසිටියේ,

"ඒ අවස්තාව බංග්ලාදේශ කණ්ඩායමට උදාවූවානම්, මම අපේ පුහුණුකරු ස්ටුවර්ට් ලෝ සමඟ 4 වන දිනයේ උදෑසන එංගලන්ත විවේකාගාරයට ගොස්, ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් ඉනිම අත්හිටුවන ලෙස හෝ තරඟය ජය පරාජයෙන් තොරව අවසන්කරන මෙන් ඉල්ලා සිටිනවා. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

අවසාන වශයෙන් සිම්බාබ්වේ සමඟ පුහුණු තරඟය පරාජයවීම පිළිබඳවද ඔහු අදහස් දක්වීය.
" ඇත්තවශයෙන්ම, හැමෝම දන්නවා අපි තරඟාවලියකට අවතීර්ණ වෙන්නේ සෙමින් කියලා. අනික මේක ටෙස්ට් තරඟය සඳහා තිබූ පුහුණු තරඟයක් පමණයි. මම බලාපොරොත්තුවෙනවා තමීම් බායි කණ්ඩායමට පැමිණීමත් සමඟ අපිට ටෙස්ට් තරඟය ජයගන්න ලැබෙයි කියලා. "

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි


ප.ලි. : මෙය මවිසින් 2/08/2011 වන දින cricturf.com හි පලකළ හාස්‍යෝත්පාදක ලිපියකි
Read More

අපට වැරදුන තැන



ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරඟාවලිය මේ වනවිට 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන අතර. පැවති තරඟ දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන්නක් විය. T20 තරඟ දෙක දිල්ශාන්ගේ හා මහේලගේ සුපිරි පිතිකරණය හා දිල්රුවන් හා අජන්තගේ පන්දු යැවීමත් හේතුවෙන් ජය ගැනීමට සමත්වූ ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලියේදී වැරදුනේ කොතැනද ?

ශ්‍රී ලංකාවට කාලාන්තරයක් තිස්සේ පැවති විශාලම අභියෝගය වූයේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි. නමුත් මේ වනවිට දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා භානුක රාජපක්ෂ යන යෞවනයන් දෙස බැලීමේදී එම අර්බුදය විසඳීමේ ලකුණු පහළ වී ඇත. මේ වනවිට එක්දින කණ්ඩායමේ නිත්‍යය ස්ථානයක් ලබා සිටින චන්දිමාල්ව අප නිසි පරිදි භාවිතා කරනවාද ?

අංක තුන පිතිකරුවකු ලෙස කණ්ඩායමට ගෙනා චන්දිමාල්, එංගලන්තය සමඟ පැවති 5 වන තරඟයේ සිට පැමිනෙන්නේ අංක 5 ස්ථානයේ. නමුත් පසුගිය ආසියානු කුසළානයට හා ලෝක කුසලානයට ඔහුව නම් නොකළේත් අංක 5 වැනි ස්ථානයක ඔහු ක්‍රීඩා කිරීමෙන් ඵලක් නැතැයි පවසමින්. සැබැවින්ම චන්දිමාල් පාසල් කණ්ඩායමක හෝ පළමු පෙළ අන්තර් සමාජ හෝ අන්තර් පළාත් කිසිඳු තරඟයක අංක 5 ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙක්. පාසල් සමයේ ඔහු ආරම්භක පිතිකරුවකු වූ අතර, අන්තර් සමාජ හා පළාත් තරඟ වලදී ඔහු අංක අංක 3 පිතිකරුවෙක්. මේ අනුව අපට පෙනී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙළෙහි යම් ගැටළුවක් ඇතිබවයි.

ඇයි චන්දිමාල් හට අංක 3 ක්‍රීඩා කිරීමට නොහැකි ? එකම හේතුව ජාතික කණ්ඩායමේ අංක 3-4 හි ක්‍රීඩා කරන්නේ පරිණත ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්වන සංගක්කාර හා මහේල වීමයි. එසේනම් කණ්ඩායම් කළමණාකාරීත්වයට ගතහැකි ක්‍රියාමාර්ග 3 කි.


  1. සංගක්කාර හා මහේල 3-4 ද, චන්දිමාල් 5 ද ක්‍රීඩා කිරීම.
  2. චන්දිමාල් කණ්ඩායමට නම් නොකර, අංක 5 ක්‍රීඩා කිරීමට සුදුසු වෙනත් පිතිකරුවකු යොදාගැනීම.
  3. සංගක්කාර හා/හෝ මහේල තම ස්ථානය වෙනස්කර චන්දිමාල් අංක 3 ක්‍රීඩා කිරීම.

  • විසඳුම 1 :-
මෙහි ප්‍රතිඵල මේ වනවිට අප අත්විඳිමින් සිටී. විශේෂයෙන්ම හම්බන්තොට වැනි දැවැන්ත ක්‍රීඩාංගනයකදී විශාල පහරවල් වලට යාම අසීරු කටයුත්තකි. බොහෝවිට පවර් ප්ලේ අවස්ථාවෙන් පසු 6,4 පහරවල් ලබාගැනීමට වඩා සෑම පන්දුවකටම පන්දුව හිඩැස් වෙත යොමුකොට ලකුණු 1,2 ලබා ගැනීමට ක්‍රීඩකයන් උත්සාහකළ යුතුය. නමුත් පසුගිය තරඟයේ පවර් ප්ලේ වලින් අනතුරුව, විශාල පහර වලට යන ක්‍රීඩකයෙකු වන චන්දිමාල් අංක 5 ට පැමිණීමෙන් පිතිකරණ අනුපිළිවෙලෙහි ඇති දුර්වලතාව නැවත වරක් පසක්විය.

අත්දැකීම් අඩු තරුණ දක්ෂ ක්‍රීඩකයෙකු එක්වරම කෙදිනකවත් ක්‍රීඩා නොකල අංක 5 හි ක්‍රීඩා කිරීමට යොමුකරනවාද ? මාළුවෙකුට ගස් නැඟීමට නොහැකි නිසා තම ජීවත්වීමේ අයිතිය අහිමිකරනවාද ? තවත් කපුගෙදර කෙනෙකු බිහිකරනවාද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු කළමණාකාරීත්වය හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සිතිය යුතුය.
  • විසඳුම 2 :-
ගැටලුව වන්නේ අංක 5 වෙත අප කැඳවන්නේ කවුරුන්ද යන්නයි. පසුගිය කාලය පුරාවට අසාර්ථකවූ මැදපෙළ වෙත නැවතත් ගමන්කිරීමට ශ්‍රී ලංකාවට සිදුවේ.
  • විසඳුම 3 :-
මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. අතීතයේ අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා ද මාවන් අතපත්තු, රසල් ආනල්ඩ්, මහේල ජයවර්ධන හා කුමර සංගක්කාර වැනි තරුණයන් වෙනුවෙන් මේ කැපකිරීම කරනලදි. තම ක්‍රීඩා දිවියේ අවසාන සමයේදී එතෙක් අංක 4 ක්‍රීඩාකළ අරවින්දට 5 හිද, එතෙක් අංක 5 ක්‍රීඩාකළ අර්ජුනට 6-7 ස්ථානවලද ක්‍රීඩා කිරීමට තරම් ඔවූහු තම නවක ක්‍රීඩකයන් හට ත්‍යාගශීලී විය.


මින් මා තෝරාගන්නේ තෙවන විසඳුමයි. සංගක්කාර හා මහේල වැනි පරිණත දෙපලකට මේ වෙනස දරාගත හැකිවිය යුතුය. හිටපු දකුණු අප්‍රිකානු හා පාකිස්තානු ජාතික පුහුණුකරුවකු වූ බොබ් වූල්මර් වරක් පැවසූ පරිදි හොඳම පිතිකරුවා එක්දින කණ්ඩායමක අංක 5හි ක්‍රීඩාකළ යුතුය. මගේ මතය අනුව නම් මේ මහේල ජයවර්ධනහට සුදුසුම ස්ථානය බවයි. අප අවිවාදයෙන්ම පිළිගතයුතු කරුණක් වන්නේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේදී හා ලකුණු 1,2 රැස්කිරීමේදී වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවා ඔහු බවයි. අවශ්‍යය නම් මේ ස්ථානයෙහි සංගක්කාර ක්‍රීඩා කිරීම ද එතරම් ගැටළුවක් නැත.

චන්දිමාල් යනු සංගක්කාර හා මහේල ගෙන් පසු ශ්‍රී ලංකාව සොයාගත් දීප්තිමත්ම පිතිකරුවායි. මෙවැනි තරුණ ක්‍රීඩකයන්ව කළමණාකාරීත්වය පරිස්සමින් මෙහෙයවිය යුතුයි. සංගක්කාර හා මහේල වැනි ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ද මෙයට වඩා වගකීමකින් නවකයන් ආරක්ෂාකිරීමට පියවර ගතයුතුයි. ඇතැම්විට තරුණයෙකුට අවස්ථාවදීම සඳහා පිතිකරන ලැයිස්තුවේ පහළට යාමෙන් ඔවුනට ලබාගත හැකි ශතක ප්‍රමාණයේ අඩුවක් විය හැකියි. එබැවින් IPL තරඟාවලිහිදී ඔවුන්ට ලැබෙන මුදල් අගයද අඩුවිය හැකිය. නමුත් රට ගැන සිතනවානම් ඔවුන්ට මෙය සිදුකළ හැකි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංස්කෘතියයි. අතීතයේද ජ්‍යේෂ්ඨයන් තම නවකයන් වෙනුවෙන් අවශ්‍යය විට මේ යුතුකම ඉටුකළහ.
Read More

නන්නාඳුනන දඟ පන්දු යවන්නාගේ ආගමනය

එළඹෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා, ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මේ වනවිට බොහෝ ක්‍රීඩා ලෝලීන්හට මතුව ඇති ගැටලුවක්වනුයේ ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති පිට දඟ පන්දුයවන නේතන් ලියොන් ගේ තේරීමයි. තවමත් 23 හැවිරිදි ඔහු, ක්‍රීඩාකර ඇත්තේ පළමු පෙළ තරඟ 4 ක් පමණයි.

මොහු පිළිබඳව දැන ගැනීම සඳහා අප ලියොන්ගේ පුහුණුකරුවන "ඩැරන් බැරී" සම්බන්ධකර ගන්නා ලදි.

ක්‍රික්ටර්ෆ් වාර්තාකරු : වාර්තාවන ආකාරයට ලියොන්ගේ නිසඟ හැකියාවන් හඳුනා ගෙන ඔහුව "දකුණු ඕස්ට්‍රේලියානු" ප්‍රාන්ත කණ්ඩායම වෙත ගෙනවිත් ඇත්තේ ඔබයි. ඒ මතකය අවදිකළොත්.

ඩැරන් : ඔව්. මීට වසරකට පමණ පෙර ඔහු අපේ ක්‍රීඩාංගනයේ (ඇඩිලේඩ්) තණතීරු සැකසීම් අංශයට සම්බන්ධවුනා. එක් දිනක් ඔහු ක්‍රීඩාංගනයේ සැකසීම් කටයුතු වල යෙදෙමින් සිටියදී, මම ඔහුගෙන් විශිෂ්ට දඟ පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඔහු පිටියේ යාර 15 සීමාව ලකුණු කිරීමට යොදන පියනක්, විසි කිරීමේදීයි මා එය නිරීක්ෂණය කළේ.

ක්‍රි. වා. : බොහොම සිත්ගන්නා කතාවක් වගේ. ඔබ මොකක්ද දුටුව විශේෂත්වය.

ඩැරන් : ඔහු එය විසි කරපු ඉරියව්වෙන් මා, අපට සිටි විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන "බ්‍රැඩ් හොග්" හා සමානකමක් දුටුවා.

ක්‍රි. වා. : එය සිදුවිය නොහැක්කක්. බ්‍රැඩ් හොග්, වමතින් මැනික් කටුව උපයෝගී කරගෙන පන්දු යවන්නේ. නමුත් ලියොන්, දකුණතින් ඇඟිලි උපයෝගී කරගෙන පන්දු යවන ක්‍රීඩකයෙක්නෙ ?

ඩැරන් : ඔබට එක් කරුණක් අමතක වුනා. හොග් මැණික් කටුවට අමතරව පන්දු යැවීම සඳහා "දිව" ද උපයෝගී කරගන්නවා.
ක්‍රි. වා. : එතකොට ඔබ කියන්නේ ලියොන් ද, පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගන්නා බවයි ?

ඩැරන් : අනිවාර්යෙන්ම. ඔහු අනාගතයේ විශිෂ්ට පන්දු යවන්නෙකු වනවා නියතයි.

මීළඟට අපි සම්බන්ධ කරගත්තේ, නේතන් ලියොන් ව ;

ක්‍රි. වා. : ඩැරන් අපිට විස්තර කළා, ඔබගේ සැඟවුනු හැකියාවන් ඔහු හඳුනාගත් ආකාරය. මොනවද ඔහු මුලින්ම ඔබගෙන් ඇසුවේ ?

ලියොන් : ඒ පසුගිය වසරේදී ඇඩිලේඩ් ක්‍රීඩාංගයේ සේවයට මා බැඳුන අලුත. දිනක් මා ක්‍රීඩාංගනයේ සිටියදී ඩැරන් මා වෙත පැමිණ ඇසුවා, " පුතා, ඔබ Spinner කෙනෙක් වෙන්න කැමතිද ? " යනුවෙන්. මා ඔහුට පැවසුවා මා "Spinners" දැනටමත් භාවිතා කරන බවත්. ශේන් වෝර්න් මාගේ ප්‍රියතම පන්දු යවන්නා බවත්. ඇත්තටම "Spinners" අනෙක් වර්ගවලට වඩා ආකර්ශනීයයි.

ලියොන් තම මතකයන් එසේ අවදි කරයි.

අනතුරුව අප සම්බන්ධ කරගත්තේ ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ සභාපති "ඇන්ඩෲ හිල්ඩ්‍රිච්".

ක්‍රි. වා. : හිල්ඩ්‍රිච් මහත්මයා, ඔබගේ නවතම දඟ පන්දු තාරකාව ලියොන් ගැන ඔබේ අදහස කුමක්ද ?

හිල්ඩ්‍රිච් : ඔව්. අපි ඔහුගෙන් සුවිශේෂී පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඇත්ත වශයෙන්ම මීට පෙර එවැනි ලක්ෂණයක් අප දුටුවේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ බ්‍රැඩ් හොග් ගෙන්. විශේෂයෙන්ම එක්දින තරඟවලට අපට සිටි හොඳම දඟ පන්දුයවන්නෙක් තමයි හොග්. අවාසනාවකට වෝන් හා මැක්ගිල් නිසා ඔහුට ටෙස්ට් තරඟ ක්‍රීඩාකිරීමේ අවස්තාව බොහෝවිට මඟ හැරුනා. ඒ වගේම, හොග් තරම්ම නොවුනත් ෂේන් වෝන් ද ඇතැම් වෙලාවන්හිදී පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගත්තා.

ක්‍රි. වා. : එතකොට ඔබත් ලියොන්ගෙන් එවැනි දස්කම් බලාපොරොත්තු වෙනවා ?

හිල්ඩ්‍රිච් : අනිවාර්යෙන්ම. ඔහුට තම දිව පන්දු යැවීමට යොඳා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මෙතෙක් ඔහු සහභාගී වූ පළමු පෙළ තරඟ 4 තුළදී පන්දුවාර 173 කුත් එක් පන්දුවක් යවා ඇති අතර, එහිදී ඔහු පන්දුවාර 167. 1 ක් යැවීම සඳහා දිව උපයෝගීකරගෙන තිබෙනවා. එය 96.5% ක ප්‍රතිශතයක්.

ක්‍රි. වා. : ඉතුරු පන්දුවාර 6 ?

හිල්ඩ්‍රිච් : අහ්... එක් දිනයකදී, තේ පානයෙන් අනතුරුව ඔහුට තම දිව උපයෝගී කරගැනීමේ බාධාවක් මතුවුනා.

මෙලෙස ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව හා ලියොන්ගේ පුණුකරු ඇතුළු සුවහසක් ක්‍රීඩා ලෝලීන් ලියොන් ගැන තබා ඇති බලාපොරොත්තු අතිමහත්ය.

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි

ප.ලි. : මෙය මා විසින් cricturf.com සඳහා රචිත ලිපියකි
Read More

කල එලි මංගල්‍යය ...

ඊයේ දිනය තර්ඩ් මෑන්හට ඉතාමත් සතුටුදායක දිනයක් විය. මන්දයත් මා මෙතෙක් කල් පුන පුනා බලාසිටි, අනාගත ශ්‍රී ලංකා නායකයෙකුගේ විචිත්‍රවත් ඉනිමක් නැරඹීමේ භාග්‍යය උදාවිය. ඔවු ඒ වෙනත් කිසිවකු නොවේ, ඔහු දිනේෂ් චන්දිමාල්. මා කලකටපෙර පැවසූ පරිදි වර්තමානයේ අපට අවැසි වනුයේ මෙවැනි වේගයෙන් පන්දුවට පහරදියහැකි පිතිකරුවන්ය. ඔහුගේ මෙම ඉනිම දැකීමෙන් මාහට මෙතරම් ප්‍රීතියක් ඇති වූයේනම්, ඔහුගේ දෙමාපියන්, ගුරුවරුන්හට කෙතරම් ප්‍රීතියක් ඇත්ද ? විසි හැවිරිදි (මා හා සම වියැතිය) ඔහුගේ ඉනිමේ සුළු අඩුපාඩු තිබුනද, මෙම ඉනිමෙන් ඔහු අපට පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය දීප්තිමත් බවයි.



මා ඔහු පිළිබඳව මීට පෙර සනත්ගෙන් පසු, T20 වසන්තය වැනි ලිපි වලින් දක්වා ඇත. මෙයින් 2009 ඔක්තෝබර් 26 දින "සනත්ගෙන් පසු"හි මා විසින් රචිත කොටසක් මෙසේ උපුටා දක්වමි.

කෙසේ වුවත්, මෙහිදී දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දක්නට ලැබුණි. මෙහිදී වැඩියෙන්ම මාගේ අවදානයට ලක් වූයේ ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ඩි මෙල් ය. ඔහුගේ ප්‍රවේගකාරී පිතිකරණය මා ගියවර තරගාවලියේ මතකයක් වෙත රැගෙනයාමට සමත් විය. ඒ ගියවර ආනන්දයේ නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් වෙතයි. මා ප්‍රථමයෙන්ම චන්දිමාල් දුටුවේ පසුගියවර පැවති තරගාවලියේදීය. එහිදී ඔහුගේ පිතිකරණයේ ප්‍රවේගවත් බවත්, කඩුළු රැකීමේදී තිබූ වෘත්තීය මට්ටමත් දුටු මා එදින විස්මිත විය. එහිදී මා හට කල්පනා වූයේ මොහු ලංකාවෙන් බිහිවන ගිල්ක්‍රිස්ට් කෙනෙක් වන බවයි. එතැන් පටන් මා ඔහු පිළිබදව දැඩි අවදානයකින් පසුවිය.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට මුලපිරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙනි. ආරම්භයේදී පිට දග පන්දුයවන්නෙකු ලෙස ක්‍රීඩාකළ මොහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇතිවූ ගැටලුවක් නිසා, පසුව කඩුළු රැකීමට යොමුවී තිබේ. ආනන්දයට පැමිණීමට ප්‍රථම ඔහු ධර්මාශෝකයේ 13 න් පහළ, 15 න් පහළ කණ්ඩායම්වල නායකත්වය දරා තිබේ. 2007 වසරේදී ඔහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කරමින්, ඔස්ට්‍රේලියාවට එරෙහිව දවාගැනීම් 8කට කඩුළු රකින්නෙකු ලෙස දායක වී වාර්ථාවක් පිහිටුවීමට සමත්විය. තවද, ඉන්දියානුවන්ට එරෙහිව වාර්ථාකළ 143 හා සීමිත පන්දුවාර තරගයකදී එංගලන්තයට එරෙහිව වාර්ථා කළ 112 ද පිතිකරණයේ ඔහුගේ දක්ෂතා පෙන්වයි.

2009 වසරේදී ඔහු වාර්ථාගත ජයග්‍රහන 12 ක් සදහා ආනන්දය මෙහෙයවීය. තවද, ලකුණු 1580 ක් ලබාගනිමින් පාසල් තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වීමටද ඔහුට හැකිවිය. අන්තර් පාසල් 19 න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේදී, කඩුළු රකින්නෙකු ලෙස දවා ගැනීම් 64 කට දායකත්වය ලාබා දුන් අතරම, පිතිකරුවකු ලෙස මොරටුව විද්‍යාලයට එරෙහිව ලකුණු 205 ක් ලබාගනිමින් එතෙක් පැවති රසල් ආනල්ඩ්ගේ ලකුණු 170 වාර්ථාව බ්ද දැමීමට සමත්විය. ආනන්දයේ නායකත්වයට අමතරව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වද දැරූ ඔහු, මේ වසරේදී ඔබ්සවර් - මොබිටෙල්, දිවයිනේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාද විය.

ඔහු තම ප්‍රථම පළමු පෙළ තරගයලෙස සභාගිවූයේ, පසුගිය නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සමග පැවති ප්‍රථම පුහුණු තරගයයි. එහිදී පළමු ඉනිමේදී ඔහු ලකුණු 64 ක් ලබාගන්නා ලදි. දෙවන පුහුණු තරගයේදී ඔහු ඩැනියෙල්  විටෝරි ඇතුළු නවසීලන්ත පන්දුයවන්නන් හමුවේ ලකුණු 109 ක් ලැබීමට සමත්විය. වර්ථමානයේදී මොහු ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාරගේ ආරාධනයෙන් NCC කණ්ඩායමට ක්‍රීඩාකරයි. එහි කඩුළු රැකීමේ කාර්යය මොහුට පැවරීමට තරම් සංගක්කාර කටයුතුකර තිබීම ඉතාමත් ප්‍රශංනීයයි.

අවසානවශයෙන් කිවයුතු කරුණක් ඇත. එනම්, තවත් මෙවැනිම අනාගත තරුවක් සිම්බාබ්වේ සංචාරයට නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටී. ඔහු ළහිරු තිරිමාන්නයි. කුමාර සංගක්කාරට අනුව වර්තමානයේ තාක්ෂණයෙන් පිරිපුන්ම තරුණ ක්‍රීඩකයා මොහුය. මේ වනවිට මෙම තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා හමාර බැවින් හෙට තරඟයට තිරිමාන්නට අවස්ථාවක් ලබාදියයුතු බවයි තර්ඩ් මෑන්ගේ අදහස.
Read More

T20 වසන්තය !!!

2010 T20 ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ඇත්තේ තවත් දෙමසකට අඩු (අප්‍රේල් 30) කාලයකි. මෙම තරඟාවලියට තම දක්ෂතා පෙන්වා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ලැබීතිබෙන අවස්ථාවක් ලෙස මේවන විට පැවැත්වෙන අන්තර් පළාත් T20 තරඟාවලිය හැඳින්වියහැක. තවද මෙම තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම මෙවර චැම්පියන්ස් ලීග් තරඟාවලියටද සුදුසුකම් ලබනු ඇති. පසුගියවර මෙම තරඟාවලියේ හොඳම පිතිකරු වූ ඉන්දික ද සේරම් හා හොඳම පන්දු යවන්නා වූ ඉසුරු උදාන 2009 T20 ලෝක කුසලාන තරඟාවලියට එක්වීමට වරම් ලැබීය. ඉන්දියාව, පකිස්ථානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා බංග්ලාදේශ යන රටවල් මේ වනවිට 30 දෙනෙකුගෙන් යුත් සංචිත නම්කර ඇති අතර; අන්තර් පළාත් තරඟාවලිය අවසානයේදී ශ්‍රී ලංකා සංචිතයක්ද නම් කරනු ඇතැයි බලාපොරොත්තුවිය හැක.
මේ වනවිට (3 වනදා) වයඹ කණ්ඩායම සහභාගීවූ තරඟ 4ම ජයගෙන ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ ප්‍රභල පිතිකරුවන් බොහෝදෙනෙක් අවශ්‍යවිට ලකුණු අතරට පැමිණීම මෙයට හේතුවයි.
 mahela 
Mubarak

වයඹ පුත්‍රයෙකු ලෙස තර්ඩ් මෑන්ට මෙය ආඩම්බරයකි. තවද රුහුණ, කඳුරට, බස්නාහිර උතුර, බස්නාහිර දකුණ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම් පිළිවෙලින් අනෙකුත් ස්ථානයන්හි පසුවෙති. මෙහි ඒකාබද්ධ කණ්ඩායම යනු පාසල් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට එක්කරන ලද කණ්ඩායමක්වේ. නමුත් අන්තර් සමාජ මට්ටමේ කුසලතාපිරි යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද මෙහි සිටී. පසුගිය වර මෙම කණ්ඩායම වෙනුවට ක්‍රීඩාකරනු ලැබුවේ ආරාධිත පාසල් කණ්ඩායමයි. එහිදී එම කණ්ඩායම සම්පූර්ණයෙන්ම පාසල් ක්‍රීඩකයන්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් විය. එවර එම කණ්ඩායමට එකඳු තරඟයක් හෝ ජයගත නොහැකිවූ නිසා, මෙවර අන්තර් සමාජ මට්ටමේ යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටත් අවස්ථාව දීමට ක්‍රිකට් ආයතනය තීරණය කළාවියහැක. තරගාවලියේ ලීග් වටයේ තවත් තරඟ 3ක් ඉතිරිව තිබේ. එම තරඟ හෙට දිනයේදී කෝල්ට්ස්  ක්‍රීඩාංගනයේදී හා ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එළඹෙන අවසන් පූර්ව තරඟ හා අවසන් මහා තරඟය එළඹෙන සති අන්තයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
කණ්ඩායම තරඟ ජය පරාජ වි.නැ. ප්‍රසාද ල. දළ ල. වේගය
වයඹ
4
4
0
0
17
+0.958
රුහුණ
4
3
1
0
12
+0.587
කඳුරට
4
2
1
1
9
+0.568
බස්නාහිර උ.
4
1
3
0
5
+0.188
බස්නාහිර ද.
4
1
2
1
5
-0.575
ඒකාබද්ධ
4
0
4
0
0
-1.917
තරගාවලියේ තරඟ කිහිපයක් කුරුණෑගලදී පැවැත්වීම හේතුවෙන් තර්ඩ් මෑන්හටද නැරඹීමේ අවස්ථාවක් හිමිවිය. වයඹ කණ්ඩායම ක්‍රීඩාකරන තරඟ නැරඹීමට වඩා මා හට අවැසි වූයේ රුහුණ කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණය නැරඹීමයි. මෙවර තරඟාවලියදී රුහුණු කණ්ඩායම මෙතරම් දුරක් පැමිණියේ චන්දිමාල්ගේ හා උපුල් තරංගගේ පිතිහරඹය නිසාබව කිවහැක. පසුගියවර වැඩිම ලකුණු ලාභියා වූ ඉන්දික ද සේරම් මෙවර අසාර්ථකවීම කැපීපෙනේ. මේවන විට වැඩිම ලකුණු ලාභියාවනුයේ චන්දිමාල්ය. කුරුණෑගලදී කඳුරටට එරෙහිව වාර්ථාකළ ලකුණු 65 තරඟයේ ජයග්‍රහනයකරා රුහුණ ගෙනයාමට සමත්විය.
Chandimal
එම ඉනිමේදී ඔහුගේ දැවැන්ත 6 පහරවල් හේතුවෙන් කිහිපවිටක්ම අතිරේක විනිසුරුවරයාට පන්දු රැගෙන පිටිය ඒමට සිදුවිය. එම තරඟයේදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ කඳුරට කණ්ඩායම වෙනුවෙන් තිලාන් සමරවීර ආරම්භක පිතිකරුවකුලෙස පිටියට පිවිස පන්දු 43 කදී ලකුණු 67ක් ලබා ගැනීමයි.
thilan
වැඩිම කඩුළු ලාභීන් අතරින් මේවනවිට ඉදිරියෙන් සිටින්නේ සචිත්‍ර සේනානායක (රුහුණ) හා ජනක ගුණරත්න (බස්නාහිර දකුණ)යි. විශේෂත්වය වනුයේ මොවුන් දෙදෙනාම පිටදඟ පන්දුයවන්නන් වීමයි.
වැඩිම ලකුණු ලාභීන්
වැඩිම කඩුළු ලාභීන්
මීට අමතරව එළඹෙන 12වනදා 2010 IPL තරඟාවලියද ඇරඹීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 13 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මෙම තරඟාවලිය අප්‍රේල් 25 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව කණගාටුවට කරුණ වනුයේ T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්හට නිසි සූදානමක් විය හැකිද යන්නයි. මේ වනවිට පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලියට සුපිරි පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් තරඟ නොවදී, නමුත් එළඹෙන IPL තරඟාවලියට ඔහු අනිවාර්යයෙන්ම සහභාගිවනුඇත. බංග්ලාදේශයේ පැවති පසුගිය තුන්කොන් තරඟාවලියේ අවසන් මහා තරඟය නිමවූ සැනින් ඔහු හෙලිකොප්ටරයකින් නවසීලන්තයේ ක්‍රීඩා පිටියකට T20 තරඟයක් ඇරඹීමට, ඔන්න මෙන්න තබා ගියේ එරට ප්‍රමුඛ පෙළ T20 තරඟාවලියට සහභාගිවීමටයි. අනේ ඒ උනන්දුව, අපේ රටේ තරඟාවලිය ගැනත් ඔහුට තිබ්බනම් !


dilshan

 ප.ලි. :- දිල්ෂාන් මෙතෙක් තරඟාවලියට සහභාගී නොවීමට හේතුව ඇඟිල්ලක ආබාධයක් බව දැනගන්නට ලැබුණි.

Technorati Tags: ,,,,,,,,,,,,,
Read More

සනත්ගෙන් පසු ?

මෙම බ්ලොග් අඩවියට සටහනක් දැමීමට දින කිහිපයකම ලැහැස්ති වුවද, කුමක් හෝ හේතුවක් මත මගහැරී ගියේය. එබැවින් දින විස්සකින් සටහනක් තැබීමට නොහැකිවීම පිළිබදව පළමුව ඔබගෙන් අයදිමි සමා. මෙම සටහනට නිමිත්ත වූයේ පසු ගිය සතියේදී, වෙස්ලි විද්‍යාලය මගින් පැවැත්වූ ග්ලූකොෆිට් සය සාමාජික පාසල් ක්‍රිකට් තරගාවලියයි. ඒ කෙසේදැයි පසුවට ඔබට පැහැදිලිවේවි.

මෙවර තරගාවලියද ඉතා සාර්ථක අයුරින් පැවති අතර සහභාගීවූ බොහෝ ක්‍රීඩකයන් වයස 17 පමණ ක්‍රීඩකයන් විය. මෙහිදී බොහෝ ක්‍රීඩකයන් ඩිල් ස්කූප්, පැඩල් ස්වීප් වැනි පහරවල් වලට මේ වයසේදීම යොමුවීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්වයකි. නමුත්, අවාසනාවකට සිදුවූයේද එයමයි. සය සාමාජික තරගවලදී පිටියේ ඉදිරිපස ඕනෑතරම් හිඩැස් තිබියදී, ක්‍රීඩකයන් මෙවැනි අවදානම් පහරවල් කරායාමට හේතුව විය හැක්කේ, රූපවාහිනියෙන් දකින තම වීරයන් අනුකරණයට වියහැක. මාගේ මතකය නිවැරදිනම්, පෙර තරගාවලිවලදී සහභාගී වූයේ වයස 19 පමණ ක්‍රීඩකයන්ය. එබැවින් මගේ මතයනම්, මෙවැනි තරග සදහා වයස 19 ට අඩු ක්‍රීඩකයන් යොදා නොගතයුතු බවයි.

කෙසේ වුවත්, මෙහිදී දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දක්නට ලැබුණි. මෙහිදී වැඩියෙන්ම මාගේ අවදානයට ලක් වූයේ ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ඩි මෙල් ය. ඔහුගේ ප්‍රවේගකාරී පිතිකරණය මා ගියවර තරගාවලියේ මතකයක් වෙත රැගෙනයාමට සමත් විය. ඒ ගියවර ආනන්දයේ නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් වෙතයි. මා ප්‍රථමයෙන්ම චන්දිමාල් දුටුවේ පසුගියවර පැවති තරගාවලියේදීය. එහිදී ඔහුගේ පිතිකරණයේ ප්‍රවේගවත් බවත්, කඩුළු රැකීමේදී තිබූ වෘත්තීය මට්ටමත් දුටු මා එදින විස්මිත විය. එහිදී මා හට කල්පනා වූයේ මොහු ලංකාවෙන් බිහිවන ගිල්ක්‍රිස්ට් කෙනෙක් වන බවයි. එතැන් පටන් මා ඔහු පිළිබදව දැඩි අවදානයකින් පසුවිය.


ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට මුලපිරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙනි. ආරම්භයේදී පිට දග පන්දුයවන්නෙකු ලෙස ක්‍රීඩාකළ මොහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇතිවූ ගැටලුවක් නිසා, පසුව කඩුළු රැකීමට යොමුවී තිබේ. ආනන්දයට පැමිණීමට ප්‍රථම ඔහු ධර්මාශෝකයේ 13 න් පහළ, 15 න් පහළ කණ්ඩායම්වල නායකත්වය දරා තිබේ. 2007 වසරේදී ඔහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කරමින්, ඔස්ට්‍රේලියාවට එරෙහිව දවාගැනීම් 8කට කඩුළු රකින්නෙකු ලෙස දායක වී වාර්ථාවක් පිහිටුවීමට සමත්විය. තවද, ඉන්දියානුවන්ට එරෙහිව වාර්ථාකළ 143 හා සීමිත පන්දුවාර තරගයකදී එංගලන්තයට එරෙහිව වාර්ථා කළ 112 ද පිතිකරණයේ ඔහුගේ දක්ෂතා පෙන්වයි.



2009 වසරේදී ඔහු වාර්ථාගත ජයග්‍රහන 12 ක් සදහා ආනන්දය මෙහෙයවීය. තවද, ලකුණු 1580 ක් ලබාගනිමින් පාසල් තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වීමටද ඔහුට හැකිවිය. අන්තර් පාසල් 19 න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේදී, කඩුළු රකින්නෙකු ලෙස දවා ගැනීම් 64 කට දායකත්වය ලාබා දුන් අතරම, පිතිකරුවකු ලෙස මොරටුව විද්‍යාලයට එරෙහිව ලකුණු 205 ක් ලබාගනිමින් එතෙක් පැවති රසල් ආනල්ඩ්ගේ ලකුණු 170 වාර්ථාව බ්ද දැමීමට සමත්විය. ආනන්දයේ නායකත්වයට අමතරව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වද දැරූ ඔහු, මේ වසරේදී ඔබ්සවර් - මොබිටෙල්, දිවයිනේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට විය.


ඔහු තම ප්‍රථම පළමු පෙළ තරගයලෙස සභාගිවූයේ, පසුගිය නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සමග පැවති ප්‍රථම පුහුණු තරගයයි. එහිදී පළමු ඉනිමේදී ඔහු ලකුණු 64 ක් ලබාගන්නා ලදි. දෙවන පුහුණු තරගයේදී ඔහු ඩැනියෙල්  විටෝරි ඇතුළු නවසීලන්ත පන්දුයවන්නන් හමුවේ ලකුණු 109 ක් ලැබීමට සමත්විය. වර්ථමානයේදී මොහු ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාරගේ ආරාධනයෙන් NCC කණ්ඩායමට ක්‍රීඩාකරයි. එහි කඩුළු රැකීමේ කාර්යය මොහුට පැවරීමට තරම් සංගක්කාර කටයුතුකර තිබීම ඉතාමත් ප්‍රශංනීයයි.

මා යොදා ඇති මාතෘකාව අනුව ඔබට දැන් වැටහෙනවා ඇති ගොනා හැරෙන්නේ පොල් පැළයට බව. ඔව්, එසේනම් දැන් අපි බලමු සනත්ගේ ස්ථානයට මොහු සුදුසු වන්නේ කෙසේද කියා. මොහු සනත් වැනිම ප්‍රවේගකාරී පිතිකරුවෙකි. තවත් ප්‍රවේගකාරී පිතිකරුවන් සනත්ගේ ස්ථානය වෙනුවෙන් බලාසිටියද, මොහුගේ කඩුළු රැකීමේ හැකියාව නිසා ඔවුන්ට වඩා මොහුට යම් ඇති අවස්ථාව වැඩිබව මගේ හැගීමයි. මන්ද, වර්ථමානයේදී සංගක්කාරට නායකත්වය හිමිවීමත් සමග, පිටිය මැදදී සංගක්කාරගේ ඉවසීමේ සීමාව ඉක්මවීම් නිතර නිතර දක්නට ලැබීමේ ගැටලුවක් ඇත.මෙයට හේතුව කඩුළු රැකීමත් සමග නායකත්වය දැරීම විය හැක. එබැවින් එක්දින තරග සදහාද සංගක්කාර කඩුළු රැකීමෙන් මිදී චන්දිමාල් වැනි ප්‍රවේගකාරී පිතිකරුවෙකුද වන කඩුළු රකින්නෙකුට කඩුළු රැකීම භාරදීමෙන් කණ්ඩායමට මෙන්ම සංගක්කාරටද යහපතක් වනබවයි මගේ හැගීම.


Read More