T20 වසන්තය !!!
2010 T20 ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ඇත්තේ තවත් දෙමසකට අඩු (අප්‍රේල් 30) කාලයකි. මෙම තරඟාවලියට තම දක්ෂතා පෙන්වා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ලැබීතිබෙන අවස්ථාවක් ලෙස මේවන විට පැවැත්වෙන අන්තර් පළාත් T20 තරඟාවලිය හැඳින්වියහැක. තවද මෙම තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම මෙවර චැම්පියන්ස් ලීග් තරඟාවලියටද සුදුසුකම් ලබනු ඇති. පසුගියවර මෙම තරඟාවලියේ හොඳම පිතිකරු වූ ඉන්දික ද සේරම් හා හොඳම පන්දු යවන්නා වූ ඉසුරු උදාන 2009 T20 ලෝක කුසලාන තරඟාවලියට එක්වීමට වරම් ලැබීය. ඉන්දියාව, පකිස්ථානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා බංග්ලාදේශ යන රටවල් මේ වනවිට 30 දෙනෙකුගෙන් යුත් සංචිත නම්කර ඇති අතර; අන්තර් පළාත් තරඟාවලිය අවසානයේදී ශ්‍රී ලංකා සංචිතයක්ද නම් කරනු ඇතැයි බලාපොරොත්තුවිය හැක.මේ වනවිට (3 වනදා) වයඹ කණ්ඩායම සහභාගීවූ තරඟ 4ම ජයගෙන ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ ප්‍රභල පිතිකරුවන් බොහෝදෙනෙක් අවශ්‍යවිට ලකුණු අතරට පැමිණීම මෙයට හේතුවයි.
වයඹ පුත්‍රයෙකු ලෙස තර්ඩ් මෑන්ට මෙය ආඩම්බරයකි. තවද රුහුණ, කඳුරට, බස්නාහිර උතුර, බස්නාහිර දකුණ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම් පිළිවෙලින් අනෙකුත් ස්ථානයන්හි පසුවෙති. මෙහි ඒකාබද්ධ කණ්ඩායම යනු පාසල් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට එක්කරන ලද කණ්ඩායමක්වේ. නමුත් අන්තර් සමාජ මට්ටමේ කුසලතාපිරි යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද මෙහි සිටී. පසුගිය වර මෙම කණ්ඩායම වෙනුවට ක්‍රීඩාකරනු ලැබුවේ ආරාධිත පාසල් කණ්ඩායමයි. එහිදී එම කණ්ඩායම සම්පූර්ණයෙන්ම පාසල් ක්‍රීඩකයන්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් විය. එවර එම කණ්ඩායමට එකඳු තරඟයක් හෝ ජයගත නොහැකිවූ නිසා, මෙවර අන්තර් සමාජ මට්ටමේ යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටත් අවස්ථාව දීමට ක්‍රිකට් ආයතනය තීරණය කළාවියහැක. තරගාවලියේ ලීග් වටයේ තවත් තරඟ 3ක් ඉතිරිව තිබේ. එම තරඟ හෙට දිනයේදී කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී හා ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එළඹෙන අවසන් පූර්ව තරඟ හා අවසන් මහා තරඟය එළඹෙන සති අන්තයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
කණ්ඩායම | තරඟ | ජය | පරාජ | වි.නැ. | ප්‍රසාද ල. | දළ ල. වේගය |
වයඹ | 4 | 4 | 0 | 0 | 17 | +0.958 |
රුහුණ | 4 | 3 | 1 | 0 | 12 | +0.587 |
කඳුරට | 4 | 2 | 1 | 1 | 9 | +0.568 |
බස්නාහිර උ. | 4 | 1 | 3 | 0 | 5 | +0.188 |
බස්නාහිර ද. | 4 | 1 | 2 | 1 | 5 | -0.575 |
ඒකාබද්ධ | 4 | 0 | 4 | 0 | 0 | -1.917 |
එම ඉනිමේදී ඔහුගේ දැවැන්ත 6 පහරවල් හේතුවෙන් කිහිපවිටක්ම අතිරේක විනිසුරුවරයාට පන්දු රැගෙන පිටිය ඒමට සිදුවිය. එම තරඟයේදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ කඳුරට කණ්ඩායම වෙනුවෙන් තිලාන් සමරවීර ආරම්භක පිතිකරුවකුලෙස පිටියට පිවිස පන්දු 43 කදී ලකුණු 67ක් ලබා ගැනීමයි.
වැඩිම කඩුළු ලාභීන් අතරින් මේවනවිට ඉදිරියෙන් සිටින්නේ සචිත්‍ර සේනානායක (රුහුණ) හා ජනක ගුණරත්න (බස්නාහිර දකුණ)යි. විශේෂත්වය වනුයේ මොවුන් දෙදෙනාම පිටදඟ පන්දුයවන්නන් වීමයි.
වැඩිම ලකුණු ලාභීන්
වැඩිම කඩුළු ලාභීන්
මීට අමතරව එළඹෙන 12වනදා 2010 IPL තරඟාවලියද ඇරඹීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 13 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මෙම තරඟාවලිය අප්‍රේල් 25 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව කණගාටුවට කරුණ වනුයේ T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්හට නිසි සූදානමක් විය හැකිද යන්නයි. මේ වනවිට පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලියට සුපිරි පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් තරඟ නොවදී, නමුත් එළඹෙන IPL තරඟාවලියට ඔහු අනිවාර්යයෙන්ම සහභාගිවනුඇත. බංග්ලාදේශයේ පැවති පසුගිය තුන්කොන් තරඟාවලියේ අවසන් මහා තරඟය නිමවූ සැනින් ඔහු හෙලිකොප්ටරයකින් නවසීලන්තයේ ක්‍රීඩා පිටියකට T20 තරඟයක් ඇරඹීමට, ඔන්න මෙන්න තබා ගියේ එරට ප්‍රමුඛ පෙළ T20 තරඟාවලියට සහභාගිවීමටයි. අනේ ඒ උනන්දුව, අපේ රටේ තරඟාවලිය ගැනත් ඔහුට තිබ්බනම් !
ප.ලි. :- දිල්ෂාන් මෙතෙක් තරඟාවලියට සහභාගී නොවීමට හේතුව ඇඟිල්ලක ආබාධයක් බව දැනගන්නට ලැබුණි.
Technorati Tags: Sri Lanka Interprovincial T20,Dinesh Chandimal,Thilan Samaraweera,Sachithra Senanayaka,Janaka Gunarathna,Upul Tharanga,T.M. Dilshan,අන්තර් පළාත් T20,දිනේෂ් චන්දිමාල්,තිලාන් සමරවීර,සචිත්‍ර සේනානායක,ජනක ගුණරත්න,උපුල් තරංග,ටී. එම්. ඩිල්ෂාන්

1 ක් අදහස් දක්වලා:
Kauru hari tikak wada pennagen enakota meke enna ballo buranna patan gannawa ethin... One akekta one akak karaganna ara piyaw.. kagahuwai kiyala.. Lanka team akata apita sellam karanna beane..
March 4, 2010 at 11:09 AMPost a Comment
ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.
සිංහලෙන් ලියන්න