පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?

විනිසුරු "ප්ලේ" යනුවෙන් පැවසීය. තරගය ඇරඹිණි. පළමු පන්දුවාරය යැවීම සදහා කුලසේකර දිව ආවේය. පිතිකරු මැකලම්. සුපුරුදු පරිදි කුලසේකර පළමු පන්දුව පිට ඉන්නෙන් පිටත පතිතකළ අතර, මැකලම් පන්දුව නිදැල්ලේ හැරීය. කෙසේ හෝ පළමු පන්දුවාරයේ ලකුණු 2 ක් ලබාගැනීමට පිතිකරුවන් සමත්විය. දෙවන පන්දුවාරය යැවීම තුෂාරට පැවරිනි. පළමු පන්දුවට ලකුණක් ලබාගැනීමට රයිඩර් හට නොහැකි වුවද, තෙවන පන්දුවට මුහුණදුන්නේ මැකලම්ය. තුෂාරගේ කරුමයට සිව්වන පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු සලකුණු කරනලදි. පස්වන පන්දුව යැවූපසු විනිසුරු තිරසට අත වැනුවේය.මෙලෙස තුෂාර හා කුලසේකර තවත් පන්දුවාර දෙකක් යවා, නැවතත් කුලසේකර තම තෙවන පන්දුවාරයේ පස්වන පන්දුව යැවීමට සූදානම් විය. එවිට කිවියන් පන්දුවාර හතරකුත් පන්දු හතරක් තුළ, රදවාගෙන තිබූ ලකුණු වේගය වූයේ 5.35 කි. කුලසේකර පන්දුව යැවීය. රයිඩර් මිඩ්විකට් කළාපයට පන්දුව යොමුකර ලකුණක් සදහා දිවගියේය. එක්වරම ඔහුගේ වම් කකුළෙන් වේදනාවක් දැනුණි. ඔහු පිටියේ දිගාවිය. මොහොතකින් භෞතචිකිත්සක සුරූපිණිය පිටියට පැමිණියේය. ඇයගෙන් පිටිය මැද ප්‍රතිකාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය විවේකාගාරය දෙසට සං‍‍ඥා කරමින් දුවන්නෙකු අවශ්‍යය බව දැන්වීය.



රයිඩර් වෙනුවෙන් දිවීම සදහා ඩැරල් ටෆී පිටිය පැමිණියේය. රයිඩර්හට තිබුණේ තමා ගැනම තරහකි. මන්ද, ඔවුන් පෙර දකුණු අප්‍රිකාණුවන් හමුවේ ලැබූ පරාජය නිසා මෙම තරගයේ ජය අනිවාර්යය වීමයි. නමුත් සිදුවී ඇත්තේ තමන්ට ඉක්මනින් පිටියෙන් ඉවත්වීමට සිදුවීමයි. මෙම තරගයට ඔහු පැමිණියේ දහසකුත් බලාපොරොත්තු තබාගෙනයි. මන්ද, මෙයට පෙර ඔහු ක්‍රීඩා කළ ඉනිම් 3 හිම ඔහුගේ ලකුණු සටහන් වූයේ 0,0,8 ලෙසය. එබැවින් ඔහු පැමිණියේ කෙසේ හෝ නැවත ලකුණු අතරට පැමිණීමේ අටියෙනි. එහෙත්, සිදුවී ඇත්තේ ලකුණු 7 ක් ලබා තිබියදී ආබාධයකට ගොදුරු වීමයි. ඔහුට තම තරබාරු ශරීරය සමගම කෝපයක් හටගත්තේය. "දැන් කරන්න දෙයක් නෑ. මට අයේ දවස් ගානකට සෙල්ලම් කරන්න වෙන්නෙ නෑ. වෙනදෙයක් වුනාවේ. එන ඕන බෝලයකට මම බැට් එක වනනවා." ඔහු දැඩිව සිතා ගත්තේය. එතැන් පටන් තරගයේ ස්වරූපය වෙනස්වන්නට වැඩිවේලා ගතවූයේ නැත. තුෂාර යැවූ මීළග පන්දුවාරයේදී කවර් පොයින්ට් කළාපය හරහාත් පිත්තේ දාරයක වැදී ත'ර්ඩ් මෑන් කළාපය හරහාත් හතරේ පහර දෙකක් එල්ල කිරීමට ඔහු සමත් විය. ඉන්පසු පන්දුවාරයේදී හයේ පහරක්ද සමග ලකුණු 14 ක් ඔහු රැස්කිරීය. ඔහුට වැඩිවේලා පිටියේ රැදී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය. ඔහු තම ඉච්ඡාභංගත්වය මෙම පහර දීමෙන් තුණීකර ගැනීමට උත්සාහ කළේය. ඔහු කල්පනාකළේ පන්දුවාර කිහිපයක් තුළ ඔහු දැවීයන බවත්, ඊටපෙර කණ්ඩායමට හැකිතාක් ලකුණු රැස්කරදීමත් ගැනය.

නමුත්, ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට, නැත්නම් ප්‍රතිවාදීන්ගේ අවාසනාවට, ඔහු පිත්ත වනණ සෑම විටම පාහේ පන්දුව පිත්තේ කොහේ හෝ කොනක වැදී, හතරේ සීමාව පසු කළේය. නැතහොත් පන්දු රකින්නන් නොමැති ස්ථානවල පතිත විය. එසේත් නැත්නම් දුන් උඩපන්දුව අතහැරියේය. "පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?" ඔහු තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාකරන ලදි. ඒ පන්දු 28 කිනි. නමුත් තවමත් ගෙවී ඇත්තේ පන්දුවාර 10 කි. කෙසේ හෝ, ඔහුගේ මෙම ප්‍රහාරය දරාගත නොහී, ප්‍රතිවාදී නායකයා පවර් ප්ලේ එක ගැනීම කල්දමන ලදි.එබැවින් ඔහුට එක, දෙක බැගින් ලකුණු ලබා ගැනීමට සිදුවිය. එනම්, ටෆීට වැඩ බහුලවිය. නමුත්, ලැබෙන අවස්ථාවලින් ඵළ නෙළීමට ඔහු පසුබට නොවීය. එවන් අවස්ථාවල පන්දුව නතරවූයේ හතරේ සීමාවෙන් එපිටය. 20 වන පන්දුවාරයේ අවසාන පන්දුව එළ්ඹිණි. ඒ වන විටත් ඔහු මෙම පන්දුවාරයට හතරේ පහරක් එල්ලකර තිබුණි. කුලසේකර දිවඒ. රයිඩර් සූදානම්. රයිඩර් සුපුරුදු ලෙසම පිත්ත හැකිතාක් වේගයෙන් වැනුවේය. නමුත් මෙවර, පිත්තේ දාරයක වැදුණු පන්දුව සංගක්කාර අතට පත්විය. ඔව්, ඔහු දැවීගියා. නමුත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. ඔහුට තවමත් තමා පිළිබදව ඇත්තේ කෝපයකි. සියලු ප්‍රේක්ෂකයන් අසුන් වලින් නැගිට ඔහුට අත්පොලසන් දෙන විට, ඔහු හතරේ සීමාව ආසන්නයේ තිබූ පුටුවකට පිත්තෙන් දමා ගැසීය. ඔහුට නැවත් මෙම තරගාවලියට ක්‍රීඩාකිරීමට වන්නේ නෑ. නමුත් ඔහුගේ එක් බලාපොරොත්තුවක් ඉටුවිය. ඒ ඔහු නැවත් ලකුණු අතරට පැමිණීමයි. නමුත් ඔහුගේ අබාධය සුවවන්නේ කවදාද ?

* සත්‍යය සිදුවීමක් ඇසුරිනි



Read More

නිවසෙන් පිට නවාතැන

ශ්‍රී ලංකාව ලස්සන රටක්. එහි ආගන්තුක සත්කාර බොහොම ඉහළයි. එහි අප ගිය විට නවාතැන්ගන්නා බොහොමයක් හෝටල්වල ඇති වැකියක් වන්නේ, "නිවසෙන් පිට නවාතැන" යන්නයි. අද අපට පෙනෙන්නේ දකුණු අප්‍රිකානුවන්ද මෙම තේමාව යොදාගන්නා බවකුයි.

ඉහත සදහන් කරනලද්දේ ඊයේ තරගයේ, ලකුණු 17 කට කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකාව අසීරු තත්වයක සිටියදී, විස්තර විචාරක හර්ෂා භෝග්ලේ කරනලද ප්‍රකාශයකි. මෙයට හේතුව වන්නේ, ඊයේ තණතීරුව මෙන්ම කාලගුණයද එංගලන්තයේ තත්වයන්ට ගැලපෙනලෙස සකස්වී තිබීමයි. ඊයේ තණතීරුවමෙන් හරිතවර්ණයෙන් බැබලෙන තණතීරුවක බහුතරයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මීට පෙර ක්‍රීඩාකර නොතිබීම, එවන් තත්වයටතේ නිතර ක්‍රීඩා කරන එංගලන්තය හමුවේ පරාජයට හේතුවබව පෙනීයයි. දකුණු අප්‍රිකාවේ වර්තමානයේ පවතින සිසිර ඍතුවේදී ඇති වියළිබව නිසා, තරගාවලියේ අතරමැද තණතීරු කැඩීමේ හැකියාවක් ඇතිනිසා මෙලෙස තෘණ බහුල තණතීරු සැකසීමට හේතුව ලෙස ඇතමුන් දක්වයි. එහි යම් සත්‍යතාවයක් පෙනීයන්නේ, අද දින කොදෙව්වන් හා ඔස්ට්‍රේලියානුවන් අතර තරගය පවත්වන්නේද, ඊයේ තණතීරුවේම වීමයි. එනම් ඊයේ තණතීරුව සැකසිය යුතුවන්නේ අද තරගයද පැවැත්වීම සදහායි. කෙසේවුවත්, සංගක්කාර පැවසූවේ කාසියේ වාසිය ජයගත්තේ නම්, පළමුව පන්දුවට පහරදීමට සිටි බවයි.Shock මෙය කේතරම් දුරට නිවැරදි තීරණයක් යන්න සැලකිය යුතුය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේදී, ඩිල්ෂාන් තම පහරවල් වලට යාමට පෙර විකට්ටුව පිළිබද තක්සේරුවක් ලබාගත්තේ නම් සංගක්කාර හා මහේල වෙත යොමුවන පීඩනය අඩුවනු ඇත. තවද, සංගක්කාර අනවශ්‍යය පහරකට ගොස් දැවීයාම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනිවිය. Zany කෙසේවුවත්, සමරවීර තම වටිනාකම පෙන්නුම් කළේය. කණ්ඩම්බි හා මැතිව්ස් තම තාක්ෂණික හැකියාවන් දැක්වීය. අවාසනාවන්ත ලෙස කණ්ඩම්බි දුවද්දී දැවීනොයන්න 250 සීමාවට ලගාවීමේ හැකියාවක් තිබුණි. මන්ද, ඉන්පසුව පන්දුවාර දෙකහමාරක් ඉතුරුව තිබියදී සියල්ලන්ම දැවීයාමයි. කෙසේ වුවත්, මෙම තරගයේදී මැතිව්ස් හා අනියන්ස්ගේ ගැටීම සම්බන්ධයෙන් ස්ට්‍රව්ස් ක්‍රියාකළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. Bravo!ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව බවට මෙම සිදුවීම හොද උදාහරණයක් විය.

පන්දු යැවීමේදී, නුවන් කුලසේකර තණතීරුවෙන් සීම් වීමක් ලබාගත්තද, බලාපොරොත්තු වූ ලෙස රාත්‍රියේ එතරම් ස්විං වීමක් දක්නට නොලැබුණි. පසුව පන්දුව සීම් වීමද අඩාල වූ බවක් දක්නට ලැබුණි. තවද, කුලසේකර හා මැතිව්ස් මද වේග පන්දු යවන්නන් වන බැවින් කොලිංවුඩ් වැනි පිතිකරුවන් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට පැමිණ පහරදෙන ලදි. ලසිත් මාලිංග මෙවැනි තණතීරුවලට සුදුසුවේද යන්න ගැටලුවක් වී තිබේ. වසීම් අක්‍රම් පවසන ආකාරයට, ඔහු ෆ්ලැට් විකට්ටු සදහා උචිතවුවත්, මෙවැනි තෘණ බහුල වේගවත් තණතීරු වලදී ඔහුගේ ඉරියව්වෙන් ඉපිලීමක් ලබාගත නොහැක. මෙවන් තත්වයකදී තිලාන් තුෂාරගේ අඩුව නොසෑහෙන්න දැනුණි.



ලකුණු පුවරුව


හෙට දින නවසීලන්තය සමග තරගය ද පවත්වන්නේ මෙම ක්‍රීඩාංගනයේමය. බොහෝවිට එම තරගයද ඊයේ විකට්ටුවේම පවත්වන්නට ඇති අවස්ථාව වැඩිය. එසේ නොවුනහොත් තත්වය දරුණුවේ. මෙම තරගය දිවා තරගයක් නිසා දෙවනුව පන්දුවට පහරදීම වැදගත්වේ. ලසිත් හෝ මුරලි කණ්ඩායමෙන් ඉවත්කිරීම ඕනෑම කණ්ඩායමක නායකයෙකුට අපහසු තීරණයක් වුවත්, මෙවන් තණතීරුවල දගපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩාකිරීම විහිළුවකි. එංගලන්තයට පරාජයවූ පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.Bye bye නවසීලන්ත පන්දු යවන්නන්හට ඉදිරිපෙළ කඩුලු තොග වශයෙන් මුලදීම පූජා කිරීමෙන් වැලකීම අනිවාර්යය කරුණක් වනු ඇත. මන්ද, වොන්ඩරස් පිටියේ තත්වයන් නවසීලන්තයට ද නිවසෙන් පිට නවාතැනක් වන බැවින්.
Read More

සිතූ තරම් යකා කළු නැත

ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ඊයේ පැවැත්විණි. මෙම සටහන තැබීම පමා කිරීමට හේතුව වූයේ, අද දින පාකිස්ථානය හා කොදෙව්වන් අතර තරගය පවත්වනු ලබන New Wanderers, Johannesburg ක්‍රීඩාංගනයේ තත්වය පිළිබද තක්සේරුවක් කිරීමට ත'ර්ඩ් මෑන් හට අවශ්‍යවීමයි. මන්ද, මීළග තරගය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වනු ලබන්නේ මෙහිවීමයි. ඊයේ දිනයේ ලැබුණු Super Sport Park, Centurion විකට්ටුව පිළිබද සලකා බලනවිට කිවහැක්කේ, සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාවේදී දක්නට ලැබෙන තණතීරුවලට වඩා එය මන්දගාමී හා ඉපිලීම දෙයාකාරයකින්යුත් බවයි. එබැවින් මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට් සිතූ තරම් අපහසු තරගයක් නොවීය. තණතීරුවල ස්වභාවය මෙසේ වීමට හේතුව ලෙස විචාරකයන් දකින්නේ, පසුගිය දකුණු අප්‍රිකානු පළමුපෙළ තරගාවලිය අවසන් වූ විගසම IPL තරගාවලිය පැවැත්වීමට සිදුවූ බැවින්, තණතීරු නිසි ලෙස නඩත්තු කළ නොහැකිවීම බවයි.


ඊයේ තරගය පිළිබද කථාකිරීමේදී, කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයා, පළමුව පන්දු රැකීමට තීරණය කිරීමට හේතුව වන්නට ඇත්තේ, මෙම ක්‍රීඩාංගනයේ තරග 30ක් පවත්වා, ඉන් තරග 17ක් දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජය ලැබීම වියහැක. නමුත්, දිවා/රාත්‍රී තරග සලකාබැලීමේදී තරග 8 කදී 4 බැගින් පළමුව හා දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම් ජයලබා තිබේ. එබැවින් කාසියේ වාසිය මෙහි වැදගත් සාධකයක් නොවේ. කෙසේ වුවත්, ඩිල්ෂාන් හා සංගක්කාර අතර ගොඩනැගුණු 156ක සබදතාව හා මහේල හා සමරවීර අතර ගොඩනැගුණු 116ක සබදතාවClapping Hands නිසා 319ක් වැනිලකුණු සංඛ්‍යාවකට යාමට ශ්‍රී ලංක කණ්ඩායමට හැකිවිය. ඩිල්ෂාන් තම තෙවන ශතකය වාර්ථාකළ අතර සංගක්කාර තම 49 වන අර්ධ ශතකය හා මහේල තම 50 වන අර්ධ ශතකය වාර්ථාකරන ලදි. මෙහිදී, ඩිල්ෂාන් හා සංගක්කාර අතර ගොඩනැගුණු සබදතාව නිසා මහේල පන්දුවට පහරදීමට පැමිණියේ 28 වන පන්දුවාරයේදීය. ත'ර්ඩ් මෑන් දරන ආකල්පයනම්,Light Bulb මහේලට ගැලපෙන භූමිකාව මෙයයි. එනම්, පන්දුව පරණ වූ පසු දග පන්දුයවන්නන් හා මද වේග පන්දුයවන්නන් පන්දුයවන විට පිතිකරණයට පැමිණීමයි. කීවරක් අප දැක තිබෙනවාද පන්දුව ස්විං වීම හෝ සීම් වීම සිදුවන විට මහේල පළමු ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් දී දැවීයාම. එබැවින්, ඔහුගේ ශෛලියට ගැලපෙන ලෙස අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීම යෝග්‍යය බවයි මාගේ හැගීම. බලාපොරොත්තු වූ ලෙසම දකුණු අප්‍රිකානුවන් මෙන්ඩිස්ගේ පන්දු වටහාගත නොහී තරගය පිරිනැමීය.Electric මෙම පරාජයත් සමග ඔවුන් දැඩි පීඩනයකට යොමුවී ඇත.







ලකුණු පුවරුව


ශ්‍රී ලංකාවට මීලග තරගය ඇත්තේ එංගලන්තය සමගය. එයද දිවා/රාත්‍රී තරගයක් ලෙස New Wanderers හිදී පවත්වයි. අද තරගය අනුව මෙම ක්‍රීඩාංගනයේ විකට්ටු, Centurion හි විකට්ටුවලට වඩා ජීවයක් ඇතිබව පැහැදිලිවේ. එබැවින් සයිඩ්බොටම් වැනි පන්දුයවන්නකුට කඩුලු නොදීමට ඉදිරිපෙළ පිතිකරුවන් වගබලාගත යුතුය. මෙම තරගයට පසු මීළග තරගය වන නවසීලන්තය සමග තරගයද මෙම ක්‍රීඩාංගනයේම පවත්වන බැවින් ලසිත් මාලිංගගෙන් විශේෂ යමක් තරග දෙකේදීම බලාපොරොත්තු වියහැක. කුලසේකරට සුපුරුදු පරිදි පන්දුව ස්විංකළ හැකිවුවහොත් ප්‍රතිවාදීන්ට ගැටලු වැඩිවේ. කෙසේ වුවත්, මෙම තණතීරු සිතූ තරම් දරුණු නැත. මේවාහි සෑම අයෙකුටම යම් සහයක් ඇත. එබැවින් "සිතූ තරම් යකා කළු නැත" යි කිව හැක.
Read More

ශූරයන්ගේ කුසලානයට පෙරවදනක් - ii

ශූරයන්ගේ කුසලානය ආරම්භයට ඇත්තේ තවත් එක් දිනක් පමණි. ඔබට නිවැරදිවම බලාගැනීමට අවශ්‍යයනම් දකුණුපස ඇති නව අංගයෙන් බලාගැනීමටද හැක. කෙසේ වුවත් මේවනවිට සියලු පුහුණු තරග අවසානය. ඊයේ දිනයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම, බ. ඉ. කොදෙව්වන් සමගත්, ඉන්දියාව, නවසීලන්තය සමගත්, පාකිස්ථානය, වෝරියර්ස් කණ්ඩායම සමගත් පුහුණු තරග පවත්වන ලදි.


මින් ශ්‍රී ලංකාව සහභාගීවූ තරගයේදී, කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙහිදී සදහන් කළයුතු වැදගත් කරුණක් වන්නේ, මෙම තරගාවලියට සහභාගිවන්නේ සුපුරුදු කොදෙව් කණ්ඩායම නොවන බවයි. කොදෙව් ක්‍රීඩකයන්ගේ සංගමය හා පාලක මණ්ඩලය අතර සිදුවී ඇති මතභේදයක්මත, ක්‍රීඩකයන් වර්ජනයක යෙදී සිටී. මේ අනුව මෙවර සහභාගීවන්නේ, දෙවනපෙළ හෝ A කණ්ඩායමක තත්වයේ හෝ නොමැති කණ්ඩායමකි. පසුගිය බංගලාදේශ කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී, මෙම කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද පරාජයවිය. මෙවන් කණ්ඩායමක් සමග පැවති ඊයේ තරගයේදී, පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් ලකුණු 201 ක් ලබා ගැනීමට සමත් විය. මෙම ලකුණු ප්‍රමාණය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් දැවීයාම මෙන්ම පන්දු 15 ක් පමණක් ඉතිරිව තිබියදී ජයලැබීම, අනුමත කළ නොහැකි තත්වයකි. කෙසේ වුවත්, මහේල හා කණ්ඩම්බි ගේ ඉනිම් හේතුවෙන් ජයග්‍රහණය කිරීමට හැකිවිය.Cricket 1 මහේල මෙලෙස මෙම තරගාවලියේදී දස්කම් දැක්වුවහොත් එය කණ්ඩායමේ සාර්ථකත්වයට මෙන්ම දකුණු අප්‍රිකාවේදී 16.6 ක් ලෙස වාර්තාවී ඇති වූ ඔහුගේ සාමන්‍යය ඉහළයාමටද හේතුවේ. මා පෙර සටහනක දැක්වූ ලෙස, මහේලගේ සංඛ්‍යයයා දත්ත ඔහුගේ හැකියාවට තරම් නොවේ.No
මෙම තරගයේදී සමරවීර අසාර්ථකවීම, ඔහු වේගවත් තණතීරු සදහා අනුචිත නිසා සිදුවූවක්ද නැත්ද යන්නමත, කපුගෙදර හෝ සමරවීර කණ්ඩායමට එක්වනුඇත. තණතීරුවේ සුලුවෙන් හෝ දගපන්දු යවන්නට සහයක් තිබේනම් මෙන්ඩිස් ක්‍රීඩාකරනු ඇතැයි සිතියහැක.

මේ අතර ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයේ, ප්‍රභල ඉන්දියානුවන් පැරදවීමට කිවියන් සමත්විය.Eyes Poppin තවද, වෝරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් ලැබීමට පාකිස්ථානුවන් සමත්විය.

ලකුණු පුවරු

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර තරගය

ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය

පාකිස්ථානය හා වෝරියර්ස් අතර තරගය
Read More

ශූරයන්ගේ කුසලානයට පෙරවදනක් - i

ශූරයන්ගේ කුසලානය සදහා දකුණු අප්‍රිකාව වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, මේවන විට පළමු පුහුණු තරගය ක්‍රීඩාකර හමාරය. ඒ පාකිස්ථාන කණ්ඩායම සමගයි. ඒ අතරම, නවසීලන්තය, වෝරියර්ස් නම් දෙවන පෙළ කණ්ඩායම සමගද, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සමගද තම පුහුණු තරග පවත්වන ලදි.



මින් ශ්‍රී ලංකාව සහභාගී වූ තරගය පිළිබද කථාකිරීමේදී, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනෙක් ක්‍රීඩාකළ අතර, 11 දෙනෙකු පන්දු රැකීමත්, 11 දෙනෙකු පන්දුවට පහරදීමත් සිදුකරන ලදි. දෙපිලේම නායකයන්ගේ එකගතාව මත පාකිස්ථානුවන් පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙහිදී ආරම්භක පන්දු යවන්නන් ලෙස කුලසේකර සමග ලසිත් මාලිංග යොදාගත් අතර, පාකිස්ථානු ඉනිම ආරම්භකරන ලද්දේ කම්රන් අක්මාල් සමග ඉම්රාන් නසීර් ය. මෙහිදී, ලසිත් ආරම්භක පන්දුයවන්නකු ලෙස අත්හදා බැලීම එතරම් නරක අදහසක් කිවනොහැක. මන්ද, දගපන්දු යවන්නන්ට එතරම් හොදින් මුහුණ නොදෙන කණ්ඩායම් 3ක් සිටින කාණ්ඩයක ශ්‍රී ලංකාව සිටින නිසා, මෙන්ඩිස් හා මුරලි දෙදෙනාම ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩිය. එබැවින් කුලසේකර, තුෂාර, ලසිත් යන තිදෙනාගෙන් එක් අයෙකුට අවස්ථාව අහිමිවිය හැක. තවද, ධම්මික ප්‍රසාද් හොදින් පන්දු යැවීමද, තෙරීම් අපහසු කරනු ඇත. තිලාන් සමරවීර පන්දුවට පහරදීමට නොපැමිණීමෙන් ඔහුගේ අබාධය තවමත් සුවවී නැතිබවක් පෙනේ. හෙට කොදෙව්වන් සමග පවත්වන පුහුණු තරගය ඔහු ක්‍රීඩා කරනුඇතැයි සිතිය හැක. කෙසේනමුත් මෙම තරගාවලියේදී මහේල ලකුණු අතරට පැමිණීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. නැතහොත්, මෙම වේගපන්දු යවන්නන්ට උචිත තණතීරුවලදී තනිකරම සංගක්කාර මත යැපීමට ශ්‍රී ලංකාවට සිදුවේ.
කෙසේ වුවත්, ශ්‍රී ලංකාවට වඩා මෙම තණතීරුවලට හැඩගැසීමට අනෙක් කණ්ඩායම් 3ට ඇති හැකියාව වැඩිය. එබැවින් මෙම තරගාවලිය සිතන තරම් ලෙහෙසි නොවනු ඇත. නමුත් මෙවර දකුණු අප්‍රිකාවට ගොස් ඇත්තේ, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට පිටත්වූ හොදම පන්දුයවන්නන් සහිත කණ්ඩායමයි.




















ලකුණු පුවරු

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය

නවසීලන්තය හා වෝරියර්ස්

ද. අප්‍රිකාව හා බ. ඉ. කොදෙව් දූ.
Read More

Compaq Cup – Final ( SL Vs IND )


ඊයෙ උදැහැනැක්කෙ ඉදලම ලකලැහැස්ති වුනා මැච් එක බලන්න. මෙන්න බොලේ උදේ 9.45 ට විතර කරන්ට් එක ගියෙ නැතෑ. මොනා කොරන්නද ? 11 විතර වෙනකං හිටිය. ම්හඃ...... එනපාටක් නෑ. මණ්ඩලෙං ඇහුවාම කියනවා, හවස 5 විතර වෙයිලු. දෙයියෝ සාක්කි, මෙහෙමත් වැඩ. කොහොම හරි මගෙ චයිනිස් කට්ටට පිං සිද්ධවෙන්න, හවස 6.30 ට කරන්ට් එනකං මැච් එක බැලුවා.Apple Ipod Nano

කොහොමහරි ඊයේ තරගය ගැන කථා කිරීමේදී,
තෙන්දුල්කාර්
සමග ඩ්‍රාවිඩ් ඉනිම ආරම්භ කිරීම හා දෝනි අංක 3 ස්ථානයේ පහරදීම, ඉන්දියාව ගත් වැදගත් තීරණයක්. මෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ, කුමන ආකාරයේ තණ තීරුවක් ලැබුනද, ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමයි. මෙයින් ලකුණු අතර නොමැති පඨාන්, රයිනා වැනි පිතිකරුවන් වෙත යොමුවන පීඩනය අඩුවෙනවා. තෙන්දුල්කාර් පළමු පන්දුවේ සිටම කිසිදු අපහසුවකින් තොරව ලකුණු අතරට පැමිණියා. පිතිකරුවන්ට යෝග්‍ය මෙවන් විකට්ටුවල පන්දු යැවීමේදී, හොද පන්දු මිශ්‍රනයක් තිබීම අනිවාර්ය්‍ය කරුණක්. නමුත් ලසිත් මාලිංග තමන් සතු විවිධත්වයකින් යුතු පන්දු යොදාගත් බවක් දක්නට ලැබුනේ නෑ.
මෙන්ඩිස්ගෙන් මුල් කාලයේමෙන් කඩුල්ල මුවා කිරීමෙන්, කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් කඩුලු ලබාගැනීමක් වර්ථමානයේ බලාපොරොත්තු විය නොහැකිය. ඔහුගෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නම්, සැලැස්මකට පන්දු යැවීමට ඔහු යෙදවිය යුතුය.

සනත් හා ඩිල්ශාන් ලබාදුන් ආරම්භය නිසා නැවතත් තරගය විවෘත වූවා. නමුත්, මොවුන්ගෙන් එක් අයෙකු හෝ කඩුල්ලේ සිටියානම් තරගයේ ප්‍රතිඵලය වෙනස් විය හැකිව තිබුණි. කෙසේවුවත්, ශ්‍රී ලංකා කණ්ඩායම 320 ඉලක්කය වෙත මේ තරම් හෝ ලගාවූයේ මොවුන් ලබාදුන් ආරම්භය නිසායි. මන්ද, වර්ථමානයේ දේශගුණික විපර්යාස වල බලපෑමකින් හෝ වෙනයම් හේතූන් නිසා, ප්‍රේමදාස ක්‍රීඩාංගනය දිවා/රාත්‍රී තරග සදහා නුසුදුසු ක්‍රීඩාංගනයක් බවට පත්වෙමින් පවතී.
මහේල ජයවර්ධන තම ස්ථානය වෙනුවෙන් නිසි සාධාරණය ඉටුකළ යුතුයි. එක්දින තරගවලදී ඔහු රදවාගෙන ඇති 32 ක සාමාන්‍යය ඔහුගේ හැකියාවට තරම් නොවේ. සංගක්කාරගේ අවාසනාවන්ත දැවීයාම තරගයේ තීරණය වෙනස් කළ සිදුවීමයි. මේ සංගක්කාර හිට් විකට් ලෙස දැවීගිය තෙවන අවස්ථාවයි. කණ්ඩම්බි හා කපුගෙදර වගකීමකින් යුතුව ක්‍රීඩා කිරීම අනාගතයට සුභ ලකුණකි. තවද, සමරවීර ද සිටී. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පැවති ගැටලු විසදෙන ආකාරයක් දක්නට ලැබේ. 
ඉන්දියානුවන්ගේ පන්දු බළ ඇණිය බොහොම සාමාන්‍යයි. තවද, ඔවුන්ගේ පන්දු රැකීමද එතරම් හොද මට්ටමක දක්නට ලැබුනේ නෑ. ලොව අංක එකේ කණ්ඩායම වීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ නම්, පිතිකරුවන්ගෙන් පමණක් තරග දිනීමේ උපාය වෙනස් කරගතයුතු වන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබුනේ මෙහි අනෙකය. එනම්, පන්දු යවන්නන්ගෙන් තරග ජය ගැනීමයි. නමුත්, ස්ථාවර මැද පෙළක් ඇතිවෙමින් පැවතීම නිසා ඉදිරියේදී පන්දු යවන්නන්මත පමණක් තරගය තීරණය වීම මගහැරෙනු ඇතිබව විශ්වාස කළ හැක.

මේ අනුව, තව සත් දිනකින් දකුණු අප්‍රිකාවේදී ඇරඹෙන
ශූරයන්ගේ කුසලානයේදී (Champions Trophy) ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබදව බලාපොරොත්තු තබාගත හැකි තත්වයක් නිර්මාණයවී තිබේ.

ලකුණු පුවරුව
Read More

Compaq Cup ( SL Vs IND )

හනේ හෆොයි ! මං කියපු විදියට වුනානේ. මේ තරගා වලියේ මෙතෙක් පැවති තණතීරු සමග සැසදීමේදී, මෙවර තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය ආකාරයට සැකසී තිබුණා. ඉතිං, කලිං කිව්ව වගේ, පළමුව පන්දුවට පහර දෙන්නන් පිතිකරුවන්ට පාරාදීසියක් වූ විකට්ටුවකත්, දෙවනුව පන්දුවට කණ්ඩායම මදක් සීම් වන, මදක් ස්විං වන, එන්න එන්නම මන්දගාමී වන විකට්ටුවකත් ක්‍රීඩා කිරීමටත් සිදුවුනා. ටොස් එක දින්නොත් ගොඩ.

ගැටලුව තියෙන්නේ, ඇයි නවසීලන්තයට මෙවැනි තණ තීරු ලබා නොදුන්නේ කියන එකයි. සමහර විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අකමැති වන්නට ඇති නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවට. මන්ද, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගයකින් ලැබෙන ආර්ථික වාසි, නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමෙන් අත්නොවන බැවින්. කොහොම වුනත්, ජාත්‍යන්තර තලයේදී ලැබෙන ඕනෑම තණතීරුවක ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් සමත්විය යුතුයි.


මේ තරගයේ සිදුවූ විශේෂිතම සිදුවීම නම්, සනත් නැවත ලකුණු අතරට පැමිණීමයි. තවද, අස්ථාවරව පැවති ශ්‍රී ලංකා මැදපෙළ කෙමෙන් කෙමෙන් ස්ථාවරත්වයක් කරා යන බවක් දක්නට ලැබුනා. කණ්ඩම්බි කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගත්තා. මීළග තරගයට සමරවීර එක්වන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ කපුගෙදර වෙනුවටයි. මෙලෙස මැදපෙළ සවිමත් වීම සංගක්කාර හා මහේල වෙත යෙදීඇති පීඩනය අඩුවීමට හේතුවක් වනු ඇත.

ඉන්දියානු ඉනිමේදී, ඩ්‍රාවිඩ් හා තෙන්දුල්කාර් තම අත්දැකීම් මත යම් සාර්ථකත්වයක් පෙන්වුවද, අනෙකුත් පිතිකරුවන් අසාර්ථක විය. විකට්ටුව ගැන නම් ඉතිං කියලා වැඩක් නැත. අවසන් මහා තරගයේදී ජයග්‍රහනය තීරණය වන්නේ කාසියේ වාසිය මත බව අනිවාර්යය. මෙන්ඩිස්
27 වන පන්දුවාරය තෙක් සගවා තබා ගැනීම සංගක්කාර කළ බුද්ධිමත් ක්‍රියාවකි. ඉන්දියානුවනගේ සැලසුම වන්නට ඇත්තේ, මෙන්ඩිස්ගේ පන්දු වලට වැරෙන් පහරදී, ඔහුගේ මානසිකත්වය බිදදැමීමයි. නමුත්, සංගක්කාර, මෙන්ඩිස් කැදවූවේ සියලු විශේෂ‍‍ඥ පිතිකරුවන් දැවීගියපසුයි. රූපවාහිනියේ තරගය නැරඹීමේදී අපට දැකගත හැකි වූයේ, ඉන්දියානු විස්තර විචාරක අරූන් ලාල් හට මෙය එතරම් ඇල්ලුවේ නැති බවයි. ඔහු හින්ට් දැමීය, " සංගක්කාර මෙන්ඩිස්ගේ පන්දුවලට ඉන්දියානුවන් හුරුවෙයි කියල හිතනව ඇති". ඔහුද බලාපොරොත්තු වන්නට ඇත්තේ, ඉන්දියානුවන් මෙන්ඩිස්ගේ පන්දු පිටියෙන් ඉවතට එල්ල කිරීම වියහැක. මැතිව්ස් ගැන කථා කිරීමේදී, ඔහු දිනෙන් දින ඉදිරියට යන ක්‍රීඩකයෙක් බව පෙන්නුම් කරනවා. ඔහුගේ වාසනාවන්තබව තුළින් අපට අනාගත ශ්‍රී ලංකා නායකයෙකුගේ ලක්ෂණ දක්නට ලැබෙනවා.

කොහොම නමුත්, අවසන් මහා තරගයේදී කාසියේ වාසිය ජය ගැනීමට ශ්‍රී ලංකා නායකයාට වාසනාව තිබේවා යන්න මගේ පැතුමයි.

ලකුණු පුවරුව
Read More

Compaq Cup ( IND Vs NZ )

නවසීලන්ත කණ්ඩායම කාසියෙ වාසිය ජයගත්තත් එය තම වාසියට හරවා ගැනීම ඔවුන් අපොහොසත් වුනා. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා/රාත්‍රී තරග වලදී පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට වාසිදායක තත්වයක් තිබෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නමුත් මේ තරගයේදී එය වෙනස් වුනා. මම හිතන්නෙ ක්‍රීඩාංගනයේ මේ තත්වය ගැන අවධානය යොමුකළ පාලන අධිකාරිය , මෙම තරගා වලියට මන්දගාමී තණතීරු නිර්මාණය කිරීම මෙයට හේතුවයි. එවිට පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමටත් , පන්දුවට පහරදීම ලෙහෙසි වෙන්නෙ නෑ. එවිට පළමුව පන්දුවට පහරදෙන විට ඇති තත්වය හා දෙවනුව පන්දුවට පහර දෙනවිට ඇති තත්වය අතර පරතරය අඩුවීමක් සිදුවෙනව. එබැවින්, පළමුව පන්දුවට පහරදී තරගය ජය ගැනීමට නම්, හොද පිතිකරුවන් කණ්ඩායම තුළ සිටීම අනිවාර්යයි. මෙහිදී හොද පිතිකරුවන් යනු තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවන් වීමයි. මේ පිළිබදව වැඩිදුරටත් අපි පසුව කථා කරමු. මෙම තණතීරු පිතිකරුවන්ට යෝග්‍ය ලෙස සකසනු ලැබුවේනම්, තත්වය දරුණු විය හැකිව තිබින. එවිට, පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායම, පිතිකරුවන්ට පාරාදීසියක් වූ තණතීරුවක පහරදෙන නමුත් දෙවනුව පන්දුවට කණ්ඩායම පහරදෙන්නේ මදක් සීම් වන, මදක් ස්විං වන, එන්න එන්නම මන්දගාමී වන තණතීරුවකයි. අහෝ ! මේ කුමන සාධාරණයක්ද ? පසුගිය ඉන්දියානු තරගාවලි 2 හා පාකිස්ථානු තරගාවලිය පැවැත්වූයේ මෙවැනි තණතීරු වලයි. ප්‍රතිඵලය පිළිබදව ඉතිහාසය සාක්ෂි දරයි.


කොහොම වුනත්, මේ තරගයේදීත් නවසීලන්ත පිතිකරුවන් අතර සම්බන්ධතා ගොඩනැගුනේ නෑ. ඉහත දැක්වූ ආකාරයේ තාක්ෂණයෙන් පරිපූර්ණ පිතිකරුවෙක් නවසීලන්ත කණ්ඩායමේ දක්නට ලැබෙනවාද කියන එක ගැටලුවක්. ඔවුන් බොහෝ දෙනෙක් පොල් අඩි පිතිකරුවන් ( සිංහලෙන් කියනවානම් Pinch Hitters). T20 සදහා හෝ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු වලට ඔවුන් සුදුසු වුවත්, පිතිකරුවන්ගේ ගුණාත්මක බව උරගා බලන මෙවැනි තණතීරු වලදී අසාර්ථකවීම පුදුමයක් නොවේ.

ඉන්දියානු ඉනිමේදී තෙන්දුල්කාර් ඔහුගේ සුවිශේෂී බව පෙන්නුම් කළා. 2009
T20 ලෝක කුසලානයේදී, ඉන්දියාව පළමු වටයෙන්ම විසිවීමට ප්‍රධාන හේතුවක් වූයේ කණ්ඩායමේ අත්දැකීම් මද බවයි. මෙහෙම කියනකොට ඔබ කියයි ඔයිටත් වඩා අත්දැකීම් අඩු කණ්ඩායමක් නේද 2007 ශූරතාවය දිනුවේ කියලා. ඔව් ඒක හරි. නමුත් මෙවර තරගාවලියේදී පිතිකරුවන්ටද යම් අභියෝගයක් එල්ලවන ආකාරයේ මන්දගාමී තණතීරු නිර්මාණය වුනා. නමුත් මෙම අභියෝග ජය ගත හැකි පිතිකරුවෙකුට සිටියේ දෝනි පමණයි. ඉන්දියාව මෙයින් පාඩමක් ඉගෙන ගත්තා. ඒ අනුව එක්දින කණ්ඩායමේ මෙතෙක් නොසිටි රාහුල් ඩ්‍රාවිඩ් නැවත කණ්ඩායමට නම් කළා.

හෙට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරගයයි. මෙය ඉන්දියාවට ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන රැදීසිටීමට ත්, ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම් වල ඉහළට යාමටත් වැදගත් වේ. ඒ හැරෙන්නට තරගාවලිය දෙස බැලීමේදී මෙය වැඩකට ඇති තරගයක් නොවේ (Dead Rubber).

ලකුණු පුවරුව
Read More

දිවා/රාත්‍රී ටෙස්ට් තරග

බංගලාදේශ කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේදී, දිවා/රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කර තිබේ. වසර කීපයක තිස්සේ කථාබහට ලක්වන මෙම මාතෘකාව සම්බන්ධයෙන් එංගලන්තය, ඉන්දියාව වැනි රටවල් සුබවාදී අදහසක් දරන අතර, ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං වරක් ප්‍රකාශ කළේ, මෙය එතරම් හොද අදහසක් නොවන බවයි.


මෙහිදී රෝස පැහැ පන්දුවකින් තරගය පවත්වන අතර, ක්‍රීඩකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් තවමත් අවසාන තීරණයක් ගෙන නොමැත. පුද්ගලිකව මා තුළ මෙම වෙනස සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් නැත. වර්තමානයේ ඇතිවී තිබෙන T20 ප්‍රබෝධය නිසා ටෙස්ට් ක්‍රිකට් සදහා ඇති ප්‍රේක්ෂක අවධාන ගිලිහෙමින් පවතින බව පවසමින් මේ කරන්නට යන්නේ ටෙස්ට් ක්‍රිකට් විනාශ කිරීමකි.
Read More

Compaq Cup ( SL Vs NZ )

ආයුබෝවන්,

මේක මගේ පළවෙනි පෝස්ට් එක. කොහොම උනත් මෙතන්දි කතාකරන්න යන්නේ. සිංහයන් හා කිවියන් අතර සටන ගැනයි.

සුපුරුදු ලෙසම කාසියෙ වාසිය ගෙන පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගත්තා. මේක ඛෙත්තාරාමයේ දිවා/රාත්‍රී තරග වල පසුගිය තරග 10 පුරාම දක්නට ලැබුන දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ, 2011 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයක් මෙහි පැවැත්වීමයි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නෑ. ව්කට් එක ස්ලෝ. හැබැයි ටිකක් හිටියොත් ගහන්න පුලුවන්. ඒ බව සමරවීර පෙන්නුම්කළා. සමරවීර නැවත එක්දින තරග වලට නම්කිරීම , තේරීම් කමිටුව ගත් හොද තීරණයක්. මැතිව්ස්ට පිතිකරුවෙකු ලෙස පමණක් වුවත් කණ්ඩායමට එක්විය හැකිබව නැවතත් ඔහු පෙන්නුම් කළා.

නවසීලන්ත ඉනිම තුළ කිසිදු අවස්ථාවක ඔවුන් ස්ථාවරත්වයක් පෙන්නුම් කළේ නෑ. මෙහිදී සියලුම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු යැවීම විශිෂ්ඨ මට්ටමක තිබුනා. සුළුවෙන් හෝ පින්න තිබූ බැවින්, පන්දුව සීම් වීමක් හා විදුලි ආලොකය නිසා පන්දුව ස්වින්ග් වීමකුත් තිබුනා.තවද, තණතීරුවද තවදුරටත් මන්දගාමී වූවා.

මෙම තරගාවලියේ සියලු තරග ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දිවා/රාත්‍රී තරග ලෙසයි පවත්වන්නේ. ඒ නිසා කාසියෙ වාසිය බැලුවාම තරගෙ බැලුව වගෙ තමයි. හික්ස්..........

ලකුණු පුවරුව.
Read More