Wednesday, September 23, 2009

සිතූ තරම් යකා කළු නැත

ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ඊයේ පැවැත්විණි. මෙම සටහන තැබීම පමා කිරීමට හේතුව වූයේ, අද දින පාකිස්ථානය හා කොදෙව්වන් අතර තරගය පවත්වනු ලබන New Wanderers, Johannesburg ක්‍රීඩාංගනයේ තත්වය පිළිබද තක්සේරුවක් කිරීමට ත'ර්ඩ් මෑන් හට අවශ්‍යවීමයි. මන්ද, මීළග තරගය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වනු ලබන්නේ මෙහිවීමයි. ඊයේ දිනයේ ලැබුණු Super Sport Park, Centurion විකට්ටුව පිළිබද සලකා බලනවිට කිවහැක්කේ, සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාවේදී දක්නට ලැබෙන තණතීරුවලට වඩා එය මන්දගාමී හා ඉපිලීම දෙයාකාරයකින්යුත් බවයි. එබැවින් මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට් සිතූ තරම් අපහසු තරගයක් නොවීය. තණතීරුවල ස්වභාවය මෙසේ වීමට හේතුව ලෙස විචාරකයන් දකින්නේ, පසුගිය දකුණු අප්‍රිකානු පළමුපෙළ තරගාවලිය අවසන් වූ විගසම IPL තරගාවලිය පැවැත්වීමට සිදුවූ බැවින්, තණතීරු නිසි ලෙස නඩත්තු කළ නොහැකිවීම බවයි.


ඊයේ තරගය පිළිබද කථාකිරීමේදී, කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයා, පළමුව පන්දු රැකීමට තීරණය කිරීමට හේතුව වන්නට ඇත්තේ, මෙම ක්‍රීඩාංගනයේ තරග 30ක් පවත්වා, ඉන් තරග 17ක් දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජය ලැබීම වියහැක. නමුත්, දිවා/රාත්‍රී තරග සලකාබැලීමේදී තරග 8 කදී 4 බැගින් පළමුව හා දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම් ජයලබා තිබේ. එබැවින් කාසියේ වාසිය මෙහි වැදගත් සාධකයක් නොවේ. කෙසේ වුවත්, ඩිල්ෂාන් හා සංගක්කාර අතර ගොඩනැගුණු 156ක සබදතාව හා මහේල හා සමරවීර අතර ගොඩනැගුණු 116ක සබදතාවClapping Hands නිසා 319ක් වැනිලකුණු සංඛ්‍යාවකට යාමට ශ්‍රී ලංක කණ්ඩායමට හැකිවිය. ඩිල්ෂාන් තම තෙවන ශතකය වාර්ථාකළ අතර සංගක්කාර තම 49 වන අර්ධ ශතකය හා මහේල තම 50 වන අර්ධ ශතකය වාර්ථාකරන ලදි. මෙහිදී, ඩිල්ෂාන් හා සංගක්කාර අතර ගොඩනැගුණු සබදතාව නිසා මහේල පන්දුවට පහරදීමට පැමිණියේ 28 වන පන්දුවාරයේදීය. ත'ර්ඩ් මෑන් දරන ආකල්පයනම්,Light Bulb මහේලට ගැලපෙන භූමිකාව මෙයයි. එනම්, පන්දුව පරණ වූ පසු දග පන්දුයවන්නන් හා මද වේග පන්දුයවන්නන් පන්දුයවන විට පිතිකරණයට පැමිණීමයි. කීවරක් අප දැක තිබෙනවාද පන්දුව ස්විං වීම හෝ සීම් වීම සිදුවන විට මහේල පළමු ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් දී දැවීයාම. එබැවින්, ඔහුගේ ශෛලියට ගැලපෙන ලෙස අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීම යෝග්‍යය බවයි මාගේ හැගීම. බලාපොරොත්තු වූ ලෙසම දකුණු අප්‍රිකානුවන් මෙන්ඩිස්ගේ පන්දු වටහාගත නොහී තරගය පිරිනැමීය.Electric මෙම පරාජයත් සමග ඔවුන් දැඩි පීඩනයකට යොමුවී ඇත.







ලකුණු පුවරුව


ශ්‍රී ලංකාවට මීලග තරගය ඇත්තේ එංගලන්තය සමගය. එයද දිවා/රාත්‍රී තරගයක් ලෙස New Wanderers හිදී පවත්වයි. අද තරගය අනුව මෙම ක්‍රීඩාංගනයේ විකට්ටු, Centurion හි විකට්ටුවලට වඩා ජීවයක් ඇතිබව පැහැදිලිවේ. එබැවින් සයිඩ්බොටම් වැනි පන්දුයවන්නකුට කඩුලු නොදීමට ඉදිරිපෙළ පිතිකරුවන් වගබලාගත යුතුය. මෙම තරගයට පසු මීළග තරගය වන නවසීලන්තය සමග තරගයද මෙම ක්‍රීඩාංගනයේම පවත්වන බැවින් ලසිත් මාලිංගගෙන් විශේෂ යමක් තරග දෙකේදීම බලාපොරොත්තු වියහැක. කුලසේකරට සුපුරුදු පරිදි පන්දුව ස්විංකළ හැකිවුවහොත් ප්‍රතිවාදීන්ට ගැටලු වැඩිවේ. කෙසේ වුවත්, මෙම තණතීරු සිතූ තරම් දරුණු නැත. මේවාහි සෑම අයෙකුටම යම් සහයක් ඇත. එබැවින් "සිතූ තරම් යකා කළු නැත" යි කිව හැක.

6 ක් අදහස් දක්වලා:

Anonymous said... [Reply]

මචං පුලුවන් නම් මැච් වල highlights බලන්න ලින්ක් එකක් දාහන්කෝ. අපිට මෙහෙ මොන මැච්ද ලයිව් බලන්න. :(

September 24, 2009 at 12:10 AM
SIDATH said... [Reply]

http://www.espnstar.com/media-player/

මේ link එකෙන් Champions Trophy Highlights වගේම, ESPN හි විකාශයවන ඕනම තරගයක Highlights බලන්න පුලුවන්.

September 24, 2009 at 1:00 AM
SIDATH said... [Reply]

සජීවීව නැරඹීමට :-

http://lanka-channels.tk/

September 24, 2009 at 1:37 AM
දුකා said... [Reply]

hhmmmmm

maam itin cricket walata wadiya pissuwen wage priya karana kenek nam nemei . . .

eth obe wade hodai . . .

September 24, 2009 at 3:10 AM
SIDATH said... [Reply]

@ දුකා

තැන්කු..තැන්කු.. අයියේ

September 24, 2009 at 9:02 AM
SIDATH said... [Reply]

http://cricket.yahoo.com/cricket/videos/home

මෙමගින් මෑතකදී පැවති තරගවල highlights නැරඹියහැක.

September 24, 2009 at 7:58 PM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න