ශූරයන්ගේ කුසලානයට පෙරවදනක් - ii
ශූරයන්ගේ කුසලානය ආරම්භයට ඇත්තේ තවත් එක් දිනක් පමණි. ඔබට නිවැරදිවම බලාගැනීමට අවශ්‍යයනම් දකුණුපස ඇති නව අංගයෙන් බලාගැනීමටද හැක. කෙසේ වුවත් මේවනවිට සියලු පුහුණු තරග අවසානය. ඊයේ දිනයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම, බ. ඉ. කොදෙව්වන් සමගත්, ඉන්දියාව, නවසීලන්තය සමගත්, පාකිස්ථානය, වෝරියර්ස් කණ්ඩායම සමගත් පුහුණු තරග පවත්වන ලදි.මින් ශ්‍රී ලංකාව සහභාගීවූ තරගයේදී, කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙහිදී සදහන් කළයුතු වැදගත් කරුණක් වන්නේ, මෙම තරගාවලියට සහභාගිවන්නේ සුපුරුදු කොදෙව් කණ්ඩායම නොවන බවයි. කොදෙව් ක්‍රීඩකයන්ගේ සංගමය හා පාලක මණ්ඩලය අතර සිදුවී ඇති මතභේදයක්මත, ක්‍රීඩකයන් වර්ජනයක යෙදී සිටී. මේ අනුව මෙවර සහභාගීවන්නේ, දෙවනපෙළ හෝ A කණ්ඩායමක තත්වයේ හෝ නොමැති කණ්ඩායමකි. පසුගිය බංගලාදේශ කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී, මෙම කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද පරාජයවිය. මෙවන් කණ්ඩායමක් සමග පැවති ඊයේ තරගයේදී, පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් ලකුණු 201 ක් ලබා ගැනීමට සමත් විය. මෙම ලකුණු ප්‍රමාණය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් දැවීයාම මෙන්ම පන්දු 15 ක් පමණක් ඉතිරිව තිබියදී ජයලැබීම, අනුමත කළ නොහැකි තත්වයකි. කෙසේ වුවත්, මහේල හා කණ්ඩම්බි ගේ ඉනිම් හේතුවෙන් ජයග්‍රහණය කිරීමට හැකිවිය.


මෙම තරගයේදී සමරවීර අසාර්ථකවීම, ඔහු වේගවත් තණතීරු සදහා අනුචිත නිසා සිදුවූවක්ද නැත්ද යන්නමත, කපුගෙදර හෝ සමරවීර කණ්ඩායමට එක්වනුඇත. තණතීරුවේ සුලුවෙන් හෝ දගපන්දු යවන්නට සහයක් තිබේනම් මෙන්ඩිස් ක්‍රීඩාකරනු ඇතැයි සිතියහැක.
මේ අතර ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයේ, ප්‍රභල ඉන්දියානුවන් පැරදවීමට කිවියන් සමත්විය.

ලකුණු පුවරු
ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර තරගය
ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය
පාකිස්ථානය හා වෝරියර්ස් අතර තරගය
0 ක් අදහස් දක්වලා:
Post a Comment
ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.
සිංහලෙන් ලියන්න