Sunday, September 13, 2009

Compaq Cup ( SL Vs IND )

හනේ හෆොයි ! මං කියපු විදියට වුනානේ. මේ තරගා වලියේ මෙතෙක් පැවති තණතීරු සමග සැසදීමේදී, මෙවර තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය ආකාරයට සැකසී තිබුණා. ඉතිං, කලිං කිව්ව වගේ, පළමුව පන්දුවට පහර දෙන්නන් පිතිකරුවන්ට පාරාදීසියක් වූ විකට්ටුවකත්, දෙවනුව පන්දුවට කණ්ඩායම මදක් සීම් වන, මදක් ස්විං වන, එන්න එන්නම මන්දගාමී වන විකට්ටුවකත් ක්‍රීඩා කිරීමටත් සිදුවුනා. ටොස් එක දින්නොත් ගොඩ.

ගැටලුව තියෙන්නේ, ඇයි නවසීලන්තයට මෙවැනි තණ තීරු ලබා නොදුන්නේ කියන එකයි. සමහර විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අකමැති වන්නට ඇති නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවට. මන්ද, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගයකින් ලැබෙන ආර්ථික වාසි, නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමෙන් අත්නොවන බැවින්. කොහොම වුනත්, ජාත්‍යන්තර තලයේදී ලැබෙන ඕනෑම තණතීරුවක ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් සමත්විය යුතුයි.


මේ තරගයේ සිදුවූ විශේෂිතම සිදුවීම නම්, සනත් නැවත ලකුණු අතරට පැමිණීමයි. තවද, අස්ථාවරව පැවති ශ්‍රී ලංකා මැදපෙළ කෙමෙන් කෙමෙන් ස්ථාවරත්වයක් කරා යන බවක් දක්නට ලැබුනා. කණ්ඩම්බි කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගත්තා. මීළග තරගයට සමරවීර එක්වන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ කපුගෙදර වෙනුවටයි. මෙලෙස මැදපෙළ සවිමත් වීම සංගක්කාර හා මහේල වෙත යෙදීඇති පීඩනය අඩුවීමට හේතුවක් වනු ඇත.

ඉන්දියානු ඉනිමේදී, ඩ්‍රාවිඩ් හා තෙන්දුල්කාර් තම අත්දැකීම් මත යම් සාර්ථකත්වයක් පෙන්වුවද, අනෙකුත් පිතිකරුවන් අසාර්ථක විය. විකට්ටුව ගැන නම් ඉතිං කියලා වැඩක් නැත. අවසන් මහා තරගයේදී ජයග්‍රහනය තීරණය වන්නේ කාසියේ වාසිය මත බව අනිවාර්යය. මෙන්ඩිස්
27 වන පන්දුවාරය තෙක් සගවා තබා ගැනීම සංගක්කාර කළ බුද්ධිමත් ක්‍රියාවකි. ඉන්දියානුවනගේ සැලසුම වන්නට ඇත්තේ, මෙන්ඩිස්ගේ පන්දු වලට වැරෙන් පහරදී, ඔහුගේ මානසිකත්වය බිදදැමීමයි. නමුත්, සංගක්කාර, මෙන්ඩිස් කැදවූවේ සියලු විශේෂ‍‍ඥ පිතිකරුවන් දැවීගියපසුයි. රූපවාහිනියේ තරගය නැරඹීමේදී අපට දැකගත හැකි වූයේ, ඉන්දියානු විස්තර විචාරක අරූන් ලාල් හට මෙය එතරම් ඇල්ලුවේ නැති බවයි. ඔහු හින්ට් දැමීය, " සංගක්කාර මෙන්ඩිස්ගේ පන්දුවලට ඉන්දියානුවන් හුරුවෙයි කියල හිතනව ඇති". ඔහුද බලාපොරොත්තු වන්නට ඇත්තේ, ඉන්දියානුවන් මෙන්ඩිස්ගේ පන්දු පිටියෙන් ඉවතට එල්ල කිරීම වියහැක. මැතිව්ස් ගැන කථා කිරීමේදී, ඔහු දිනෙන් දින ඉදිරියට යන ක්‍රීඩකයෙක් බව පෙන්නුම් කරනවා. ඔහුගේ වාසනාවන්තබව තුළින් අපට අනාගත ශ්‍රී ලංකා නායකයෙකුගේ ලක්ෂණ දක්නට ලැබෙනවා.

කොහොම නමුත්, අවසන් මහා තරගයේදී කාසියේ වාසිය ජය ගැනීමට ශ්‍රී ලංකා නායකයාට වාසනාව තිබේවා යන්න මගේ පැතුමයි.

ලකුණු පුවරුව

0 ක් අදහස් දක්වලා:

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න