Thursday, September 10, 2009

දිවා/රාත්‍රී ටෙස්ට් තරග

බංගලාදේශ කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේදී, දිවා/රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කර තිබේ. වසර කීපයක තිස්සේ කථාබහට ලක්වන මෙම මාතෘකාව සම්බන්ධයෙන් එංගලන්තය, ඉන්දියාව වැනි රටවල් සුබවාදී අදහසක් දරන අතර, ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං වරක් ප්‍රකාශ කළේ, මෙය එතරම් හොද අදහසක් නොවන බවයි.


මෙහිදී රෝස පැහැ පන්දුවකින් තරගය පවත්වන අතර, ක්‍රීඩකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් තවමත් අවසාන තීරණයක් ගෙන නොමැත. පුද්ගලිකව මා තුළ මෙම වෙනස සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් නැත. වර්තමානයේ ඇතිවී තිබෙන T20 ප්‍රබෝධය නිසා ටෙස්ට් ක්‍රිකට් සදහා ඇති ප්‍රේක්ෂක අවධාන ගිලිහෙමින් පවතින බව පවසමින් මේ කරන්නට යන්නේ ටෙස්ට් ක්‍රිකට් විනාශ කිරීමකි.

0 ක් අදහස් දක්වලා:

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න