Saturday, September 26, 2009

නිවසෙන් පිට නවාතැන

ශ්‍රී ලංකාව ලස්සන රටක්. එහි ආගන්තුක සත්කාර බොහොම ඉහළයි. එහි අප ගිය විට නවාතැන්ගන්නා බොහොමයක් හෝටල්වල ඇති වැකියක් වන්නේ, "නිවසෙන් පිට නවාතැන" යන්නයි. අද අපට පෙනෙන්නේ දකුණු අප්‍රිකානුවන්ද මෙම තේමාව යොදාගන්නා බවකුයි.

ඉහත සදහන් කරනලද්දේ ඊයේ තරගයේ, ලකුණු 17 කට කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකාව අසීරු තත්වයක සිටියදී, විස්තර විචාරක හර්ෂා භෝග්ලේ කරනලද ප්‍රකාශයකි. මෙයට හේතුව වන්නේ, ඊයේ තණතීරුව මෙන්ම කාලගුණයද එංගලන්තයේ තත්වයන්ට ගැලපෙනලෙස සකස්වී තිබීමයි. ඊයේ තණතීරුවමෙන් හරිතවර්ණයෙන් බැබලෙන තණතීරුවක බහුතරයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මීට පෙර ක්‍රීඩාකර නොතිබීම, එවන් තත්වයටතේ නිතර ක්‍රීඩා කරන එංගලන්තය හමුවේ පරාජයට හේතුවබව පෙනීයයි. දකුණු අප්‍රිකාවේ වර්තමානයේ පවතින සිසිර ඍතුවේදී ඇති වියළිබව නිසා, තරගාවලියේ අතරමැද තණතීරු කැඩීමේ හැකියාවක් ඇතිනිසා මෙලෙස තෘණ බහුල තණතීරු සැකසීමට හේතුව ලෙස ඇතමුන් දක්වයි. එහි යම් සත්‍යතාවයක් පෙනීයන්නේ, අද දින කොදෙව්වන් හා ඔස්ට්‍රේලියානුවන් අතර තරගය පවත්වන්නේද, ඊයේ තණතීරුවේම වීමයි. එනම් ඊයේ තණතීරුව සැකසිය යුතුවන්නේ අද තරගයද පැවැත්වීම සදහායි. කෙසේවුවත්, සංගක්කාර පැවසූවේ කාසියේ වාසිය ජයගත්තේ නම්, පළමුව පන්දුවට පහරදීමට සිටි බවයි.Shock මෙය කේතරම් දුරට නිවැරදි තීරණයක් යන්න සැලකිය යුතුය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේදී, ඩිල්ෂාන් තම පහරවල් වලට යාමට පෙර විකට්ටුව පිළිබද තක්සේරුවක් ලබාගත්තේ නම් සංගක්කාර හා මහේල වෙත යොමුවන පීඩනය අඩුවනු ඇත. තවද, සංගක්කාර අනවශ්‍යය පහරකට ගොස් දැවීයාම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනිවිය. Zany කෙසේවුවත්, සමරවීර තම වටිනාකම පෙන්නුම් කළේය. කණ්ඩම්බි හා මැතිව්ස් තම තාක්ෂණික හැකියාවන් දැක්වීය. අවාසනාවන්ත ලෙස කණ්ඩම්බි දුවද්දී දැවීනොයන්න 250 සීමාවට ලගාවීමේ හැකියාවක් තිබුණි. මන්ද, ඉන්පසුව පන්දුවාර දෙකහමාරක් ඉතුරුව තිබියදී සියල්ලන්ම දැවීයාමයි. කෙසේ වුවත්, මෙම තරගයේදී මැතිව්ස් හා අනියන්ස්ගේ ගැටීම සම්බන්ධයෙන් ස්ට්‍රව්ස් ක්‍රියාකළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. Bravo!ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව බවට මෙම සිදුවීම හොද උදාහරණයක් විය.

පන්දු යැවීමේදී, නුවන් කුලසේකර තණතීරුවෙන් සීම් වීමක් ලබාගත්තද, බලාපොරොත්තු වූ ලෙස රාත්‍රියේ එතරම් ස්විං වීමක් දක්නට නොලැබුණි. පසුව පන්දුව සීම් වීමද අඩාල වූ බවක් දක්නට ලැබුණි. තවද, කුලසේකර හා මැතිව්ස් මද වේග පන්දු යවන්නන් වන බැවින් කොලිංවුඩ් වැනි පිතිකරුවන් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට පැමිණ පහරදෙන ලදි. ලසිත් මාලිංග මෙවැනි තණතීරුවලට සුදුසුවේද යන්න ගැටලුවක් වී තිබේ. වසීම් අක්‍රම් පවසන ආකාරයට, ඔහු ෆ්ලැට් විකට්ටු සදහා උචිතවුවත්, මෙවැනි තෘණ බහුල වේගවත් තණතීරු වලදී ඔහුගේ ඉරියව්වෙන් ඉපිලීමක් ලබාගත නොහැක. මෙවන් තත්වයකදී තිලාන් තුෂාරගේ අඩුව නොසෑහෙන්න දැනුණි.



ලකුණු පුවරුව


හෙට දින නවසීලන්තය සමග තරගය ද පවත්වන්නේ මෙම ක්‍රීඩාංගනයේමය. බොහෝවිට එම තරගයද ඊයේ විකට්ටුවේම පවත්වන්නට ඇති අවස්ථාව වැඩිය. එසේ නොවුනහොත් තත්වය දරුණුවේ. මෙම තරගය දිවා තරගයක් නිසා දෙවනුව පන්දුවට පහරදීම වැදගත්වේ. ලසිත් හෝ මුරලි කණ්ඩායමෙන් ඉවත්කිරීම ඕනෑම කණ්ඩායමක නායකයෙකුට අපහසු තීරණයක් වුවත්, මෙවන් තණතීරුවල දගපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩාකිරීම විහිළුවකි. එංගලන්තයට පරාජයවූ පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.Bye bye නවසීලන්ත පන්දු යවන්නන්හට ඉදිරිපෙළ කඩුලු තොග වශයෙන් මුලදීම පූජා කිරීමෙන් වැලකීම අනිවාර්යය කරුණක් වනු ඇත. මන්ද, වොන්ඩරස් පිටියේ තත්වයන් නවසීලන්තයට ද නිවසෙන් පිට නවාතැනක් වන බැවින්.

0 ක් අදහස් දක්වලා:

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න