Tuesday, October 6, 2009

~ දීවාලි හෝගී කප්වාලි ~

මේ කුමක්ද ? හින්දි චිත්‍රපටයක්ද ? නැත. මේ 8 වෙනිදා ඇරඹෙන චැම්පියන්ස් ලීග් T20 තරගාවලියේ ප්‍රචාරක පාඨයයි. ඉන්දියාවේ දිල්ලි, හයිද්‍රාබාද්, බැංගලෝර් යන නගර වලදී, ලොව නන්දෙසින් පැමිණි කණ්ඩායම් 12 ක් මෙහිදී තරග වදිනු ලබනවා. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, අන්තර් පළාත් ශූරතාව දිනූ වයඹ පළාත් කණ්ඩායම ද සහභාගිවේ.



  1. ඩෙකෑන් චාජර්ස් - ඉන්දියාව
  2. බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - ඉන්දියාව
  3. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ඉන්දියාව
  4. වයඹ XI - ශ්‍රී ලංකාව
  5. සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය - එංගලන්තය
  6. සසෙක්ස් ශාර්ක්ස් - එංගලන්තය
  7. නිව් සවුත් වේල්ස් බ්ලූස් - ඕස්ට්‍රේලියාව
  8. වික්ටෝරියන් බුෂ්රේන්ජර්ස් - ඕස්ට්‍රේලියාව
  9. කේප් කෝබ්‍රාස් - දකුණු අප්‍රිකාව
  10. ඩයමන්ඩ් ඊගල්ස් - දකුණු අප්‍රිකාව
  11. ඔටෑගෝ වෝල්ට්ස් - නවසීලන්තය
  12. ට්‍රිනිඩෑඩ් හා ටොබෑගො - බටහිර ඉන්දීය කොදෙව් දූපත්
මෙහිදී වයඹ කණ්ඩායම නියෝජනය කරමින්,
ජෙහාන් මුබාරක් (නායක ), මහේල ජයවර්ධන, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, ෆර්වීස් මහරූෆ්, කෞෂාල් ලොකුආරච්චි, ජීවන්ත කුළතුංග, මහේල උඩවත්ත, තිසර පෙරේරා, සමීර සොයිසා, ශාලික කරුණානායක, ඉසුරු උදාන, ඉෂාර අමරසිංහ, චානක වෙළගෙදර, මයිකල් වැන්ඩොර්ට්

යන ක්‍රීඩකයන්ද,
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ටී.එම්. ඩිල්ෂාන් හා ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් චමින්ද වාස් ද ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලියට සහභාගිවේ.

8 වෙනිදා සිට 23 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන සෑම කණ්ඩායමකම සිහිනය වනුයේ මෙහි ශූරතාව දිනාගනිමින් ලොව හොදම පළමු පිළ T20 කණ්ඩායම වීමයි. තවමත් ශ්‍රී ලංකාව තුළ මෙය විකාශය වීමක් පිළිබදව අසන්නට නැතත්, තරගාවලිය අතර මැදදී ප්‍රේක්ෂක ඉල්ලීම්මත විකාශය කෙරේ යැයි බලාපොරොත්තු වියහැක. මෙහි අන්තර්ජාතික විකාශන අයිතිය ලබාගෙන ඇත්තේ ESPN සමාගමයි.


4 ක් අදහස් දක්වලා:

DK said... [Reply]

maxxa.....
machan domain ekak aran site ekak host karapan.... elata yawi wade...

sinhalen cricket maru!

October 6, 2009 at 8:44 PM
SIDATH said... [Reply]

තැන්කූ වේවා මචං !
තාම පටන් ගත්ත විතරනෙ.

October 6, 2009 at 9:06 PM
Anonymous said... [Reply]

මයිකල් වැන්ඩොර්ට්?????????ජෙහාන් මුබාරක්???????????????
මේ මොන මළ විකාරයක්ද?. ඝූ කන්න පරදියි

October 7, 2009 at 12:35 PM
SIDATH said... [Reply]

@ Anonymous

මුබාරක් යනු, පළමු පෙළ මට්ටමේදී ඉතා දක්ෂ, සුවිශේෂී ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර මට්ටමේදී, ඔහුගේ අසාර්ථකත්වයට පුහුණුකරුවන් යම් වගකීමක් දැරියයුතු බවයි මගේ අදහස.

වැන්ඩොර්ට් නම්කර තිබුනද, ක්‍රීඩා කරන්නේදැයි සැකසහිතයි. බොහෝවිට, මහේල උඩවත්ත සමග ජීවන්ත කුළතුංග ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩාකරනු ඇතැයි සිතේ. නමුත්, වැන්ඩොර්ට් ක්‍රීඩාකළද, එතරම් වරදක් කිවනොහැක. මන්ද, මෙය පළමු පෙළ මට්ටමේ තරගාවලියකි.
උදාහරණයක් ලෙස, සමර්සෙට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ජස්ටින් ලැන්ගර්.

October 7, 2009 at 9:40 PM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න