Friday, October 30, 2009

සනත් මැද පෙළට !

" සනත් ජයසූරියව අපි තේරුවේ ආරම්භක පිතිකරුවකු හැටියට නෙවේ. අපි එයාව සංචිතයට නම් කළේ මැදපෙළ පන්දුවට පහර දෙමින්, වමතින් දග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසයි. " මේ එළඹෙන ඉන්දීය සංචාරය සදහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබදව අදහස් දක්වමින් තේරීම් කමිටු සභාපති අශන්ත ඩි මෙල් මාධ්‍යය හමුවේ දැක්වූ අදහසක්. එනම්, ඔව්. මේ තරගාවලියේදී ජයසූරිය ඉනිම ආරම්භ නොකරයි. ඔහු පන්දුවට පහරදෙනු ලබන්නේ මැද පෙළ.


" අපි ඔහු පිළිබදව සිතා බැලුවේ මේ සංචාරයට පමණයි. ඉදිරියේදී ඔහු පිළිබදව තීරණය වන්නේ ඔහුගේ දක්ෂතාමත. " තවදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසීය.

සනත් පිළිබදව කථාකිරීමේදී අපට අතීතය අමතක කරන්නට නොහැක. 1996දී කලූ සමග එක්ව එක්දින තරගවල ස්වභාවය උඩුයටිකුරු කළ ඔහු, ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වීමේදී සුවිශේෂී දායකත්වයක් සැපයූ ක්‍රීඩකයෙක් . ඉන් අනතුරුව ඔහු තරග ගණනාවක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා මෙහෙය වූවා. 2003 ලෝක කුසලානයේදී, නායකත්වය දරමින් ස්වෝත්සහයෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට සමත් වූවා. මෙලෙස සනත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කර ඇති මෙහෙය අතිවිශාලයි.


නමුත්, සෑම ක්‍රීඩකයෙකුම විශ්‍රාම යායුතු වයසක් එළඹෙනවා. මෙයයි යථාර්ථය. සනත් බාහිරින් ශාරීරික යෝග්‍යයතාවෙන් යොවුන් ක්‍රීඩකයන්ට වඩා හොද විය හැක. නමුත්, වටහාගතයුතු යථාර්තය වන්නේ, ඕනෑම අයෙකු වියපත් වීමේදී ප්‍රතීක කාලය වැඩිවීමයි. 40 හැවිරිදි සනත්ටද මෙය පොදු වූවක්. එබැවින් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාකරන ඔහු බ්‍රෙට් ලී, ඩේල් ස්ටෙයින් වැනි වේග පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වීමේ සම්භාවිතාව අධිකයි. මෙයට උපක්‍රමයක් ලෙස සීමා රේඛාවෙන් තරමක් ඇතුළට පැමිණ පන්දුවට පහරදීමට ඔහු උත්සාහ කළා. නමුත් එහිදී ඔහු හිට් විකට් ලෙස දැවීයාම නිසා එය අසාර්ථක වූවා.


මින් පැහැදිලි වන්නේ ඔහු විශ්‍රාම යායුතු වයස දැන් පසුකර ඇති බවයි. මෙය අපේ රටේ බොහෝ ක්‍රීඩකයන් කරගන්නා වරදක්. ඔවුන් නිසි වියේදී විශ්‍රාම නොයෑම අපිට බොහෝ විට දක්නට ලැබෙන්නක්. මා දකින අයුරින්නම් සනත් විශ්‍රාම යා යුතුව තිබුණේ 2007 ලෝක කුසලානයත් සමගයි. කෙසේ වුවද, දැන් ඔහුට තවත් අවස්ථාවක් ලැබී තිබේ. මැදපෙළ භූමිකාව වර්තමානයේදී ඔහුට ගැලපෙන බව මාද සිතයි. මන්ද, පිතිකරුවන්ගේ පවර් ප්ලේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහු වැනි පිතිකරුවෙකුගේ අඩුවක් අපිට සෑහෙන කලක සිට තිබේ.

තවද, සදහන් කළයුතු වැදගත් කරුණක් වනුයේ, මෙවැනි තීරණයක් ගැනීමට තේරීම් කමිටුව සතුවූ නිභීත බවයි. සෑම ක්‍රීඩකයෙකුම තම නමට නොව, දක්ෂතාව මත කණ්ඩායමේ සිටිය යුතුය. මෙය අනෙකුත් ක්‍රීඩකයන් හටද වලංවන්නේ නම් විශිෂ්ඨය.
අවසානයේ මතක් කළ යුතු කරුණක් තිබේ. මාගේ මිතුරෙකු මීට වසර 2ක පමණ සිට පවසනුයේ සනත් දැන් ක්‍රීඩාකළ යුත්තේ අංක 6/7 ස්ථානවල බවයි. මෙම ආරංචියත් සමග අපිට ඔහුගෙන් බේරීමක් නැතිවිය හැක.


4 ක් අදහස් දක්වලා:

Anonymous said... [Reply]

සනත්ගේ පන්දු යැවීමෙන්වත් ප්‍රයෝජන ගත යුතුයි

October 30, 2009 at 4:43 AM
Anonymous said... [Reply]

පලයන් බන් යන්න සනත තාම ඔපන් කරන්න ත‍්රම් ශක්තිමත් මොඩ කතා කියන අයගේ කටවල් වැහෙන්න සනා බොයි ගහයි...

October 30, 2009 at 11:48 AM
Unknown said... [Reply]

ජයසූරිය 2011 wc එකට play කරන්න ඕනා. ඒත් එයා ටිකක් එළීයට ගිහිල්ල perform කරල පෙන්නල ආයි team එකට ආවොත් හොඳයි කියල හිතෙනව.

October 30, 2009 at 8:30 PM
budhajeewa said... [Reply]

සනත්ට එළියට යන්න තිබ්බේ එයා හොඳම දක්‍ෂ කම් පෙන්නුව කාලෙක. සනත් දැන් අපිට වටින්නේ ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ වෘත්තීය නියෝජිතයෙක් ලෙස මිස, සක්‍රීය ක්‍රීඩකයෙකු ලෙස නොවේ.

November 1, 2009 at 7:57 PM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න