Saturday, June 26, 2010

එදත් සූරයා අදත් සූරයා..!!

ලංකාවෙ ක්‍රිකට් සහ 2011 ලෝක කුසලානය

පසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලාන තරඟාවලිය පුරාවට අති සාර්ථකව ක්‍රීඩාකළ ශ්‍රීලංකා කණ්ඩායමට අවසාන මහා තරඟයේදී අත්වූ දරුණු පරාජය ක්‍රීඩා ලෝලීන්ට නම් මහත් වේදනාවක් වූ බව අප කවුරුත් දනිමු...


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩිල්ශාන් මත කන්ඩායම රඳා පවතිනවා ද කියාත් වෙලාවකට සිතෙයි.  මීට පෙරත් කාලයක් ලංකාව සනත් ජයසූරිය කෙරෙන් ජීවත් වූ බව නොරහසකි..

එහෙත්.....
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ලෝක පූජිත පිතිකරුවන්ගේ මානසිකත්වය අවසාන තරඟ වලදී බිඳ වැටීම නම් 2011 ලෝක කුසලානය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට එතරම් හොඬ්ද එකක් නොවේ....


දැනට එංගලන්තයේ නොටින්හැම් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩාකරන ආරම්භක පිතිකරු මෙන්ම ආරම්භක වමත් වේග පන්දු යවන චමින්ද වාස් අති දක්ෂ ලෙස තම ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවා ගෙන ඇති බව පෙනෙයි...

කෙසේ හෝ වේවා, අරවින්ද ද සිල්වා මහතා වාස් කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තබනු ඇතයි විශ්වාස කරමි.
වාස් නැවතත සංචිතයට ආගමනය වූ වහාම මෙහි 2 වෙනි කොටස ලිවීමට පොරොන්දු වෙමි...
ශ්‍රී ලංකා ජායි හෝ..!!!!

4 ක් අදහස් දක්වලා:

SIDATH said... [Reply]

මම හිතන ආකාරයටනම්, අපේ රටේ දැනට තිබෙන ක්‍රීඩා පිටිවල දිවා රාත්‍රී තරඟ පැවැත්වීමට සුදුසු තත්වයක් නෑ. රාත්‍රියේ පන්දුවට පහර දෙන කණ්ඩායම පරාජයවීමේ සම්භාවිතාවේ අසාමාන්‍ය වැඩිබවක් තියෙනවා. මේක බලධාරීන්ට වලක්වන්න පුළුවන් දෙයක් ලෙස මා දකින්නේ නෑ. මෙය අපේ රටේ දේශගුණික තත්ව අනුව සිදුවන දෙයක්. ඉදිරියේදී නිමවන හම්බන්තොට හා පල්ලෙකැලේ පිටිවලවත් මෙවැනි තත්වයක් ඇති නොවේවායි ප්‍රාර්ථනාකරන්න පමණයි අපට හැකි. කොටින්ම, ශ්‍රී ලාංකිකයෙකු වුවද, ලෝක කුසලානයේ දිවා/රාත්‍රී තරඟ ශ්‍රී ලංකාවේ පවත්වනවාට මා විරුද්ධය. මන්ද, කාසියේ වාසියෙන් බොහෝ තරඟ තීරණයවේ.

ඩී.කේ. [DK] සහෝදරයාගේ ලිපිය හොඳයි. ඔහොම දිගටම ලියමු.

June 26, 2010 at 11:41 PM
DK said... [Reply]

Northamptonshire 164/5 (20/20 ov) Durham 134 (18.2/20 ov)
Northamptonshire won by 30 runs

WPUJC Vaas c †Mustard b Blackwell 73(49) 11Fours 1Six SR-148.97
*Chaminda Vaas(lfm) 3.2-0-23-3

June 27, 2010 at 12:39 AM
Chanaka Aruna Munasinghe said... [Reply]

වාස් දැන් ආරම්භක පිතිකරුවෙකුත් වෙලාද ?

June 27, 2010 at 7:41 PM
SIDATH said... [Reply]

@Chanaka Aruna Munasinghe

මකරයියට කියන්න ...
වාස් ඕපන් එන එකෙන් පේන්නෙ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්වල තියෙන තත්වයයි. සේරම කණ්ඩායම් 18 ක් තියෙද්දි, මීට වඩා තරගකාරී බවක් තියෙන්න බෑනෙ. බලන්න ඕස්ට්‍රේලියාවේ කණ්ඩායම් 6යි තියෙන්නෙ. තරඟකාරීබව උපරිමයි.

June 27, 2010 at 10:07 PM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න