ඇටික්
-
2025 අන්තිම සති තුනම වගේ නිවාඩු, දෙන්නම මාර ගේමක් දීල ඇටික් එකේ හැදුව තාම
වැඩේ යනවා,
3 weeks ago
ආයුබෝවන්ඩ ! මෙතෙක් කල් පුද්ගලික බ්ලොග් අඩවියක් ලෙස පවත්වාගෙන ගිය සිංහලෙන් ක්‍රිකට්, දැන් කණ්ඩායම් බ්ලොග් අඩවියක් බවට පත්වී ඇත. තර්ඩ් මෑන්ට අමතරව ඩී.කේ. [DK], Cricket lover හා සුදම් මෙම බ්ලොග් අඩවියට ලිපිවලින් දායකත්වය සපයති.





මෙය කේතරම් දුරට නිවැරදි තීරණයක් යන්න සැලකිය යුතුය.
කෙසේවුවත්, සමරවීර තම වටිනාකම පෙන්නුම් කළේය. කණ්ඩම්බි හා මැතිව්ස් තම තාක්ෂණික හැකියාවන් දැක්වීය. අවාසනාවන්ත ලෙස කණ්ඩම්බි දුවද්දී දැවීනොයන්න 250 සීමාවට ලගාවීමේ හැකියාවක් තිබුණි. මන්ද, ඉන්පසුව පන්දුවාර දෙකහමාරක් ඉතුරුව තිබියදී සියල්ලන්ම දැවීයාමයි. කෙසේ වුවත්, මෙම තරගයේදී මැතිව්ස් හා අනියන්ස්ගේ ගැටීම සම්බන්ධයෙන් ස්ට්රව්ස් ක්‍රියාකළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි.
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව බවට මෙම සිදුවීම හොද උදාහරණයක් විය.
නවසීලන්ත පන්දු යවන්නන්හට ඉදිරිපෙළ කඩුලු තොග වශයෙන් මුලදීම පූජා කිරීමෙන් වැලකීම අනිවාර්යය කරුණක් වනු ඇත. මන්ද, වොන්ඩරස් පිටියේ තත්වයන් නවසීලන්තයට ද නිවසෙන් පිට නවාතැනක් වන බැවින්.
නිසා 319ක් වැනිලකුණු සංඛ්‍යාවකට යාමට ශ්‍රී ලංක කණ්ඩායමට හැකිවිය. ඩිල්ෂාන් තම තෙවන ශතකය වාර්ථාකළ අතර සංගක්කාර තම 49 වන අර්ධ ශතකය හා මහේල තම 50 වන අර්ධ ශතකය වාර්ථාකරන ලදි. මෙහිදී, ඩිල්ෂාන් හා සංගක්කාර අතර ගොඩනැගුණු සබදතාව නිසා මහේල පන්දුවට පහරදීමට පැමිණියේ 28 වන පන්දුවාරයේදීය. ත'ර්ඩ් මෑන් දරන ආකල්පයනම්,
මහේලට ගැලපෙන භූමිකාව මෙයයි. එනම්, පන්දුව පරණ වූ පසු දග පන්දුයවන්නන් හා මද වේග පන්දුයවන්නන් පන්දුයවන විට පිතිකරණයට පැමිණීමයි. කීවරක් අප දැක තිබෙනවාද පන්දුව ස්විං වීම හෝ සීම් වීම සිදුවන විට මහේල පළමු ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් දී දැවීයාම. එබැවින්, ඔහුගේ ශෛලියට ගැලපෙන ලෙස අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීම යෝග්‍යය බවයි මාගේ හැගීම. බලාපොරොත්තු වූ ලෙසම දකුණු අප්‍රිකානුවන් මෙන්ඩිස්ගේ පන්දු වටහාගත නොහී තරගය පිරිනැමීය.
මෙම පරාජයත් සමග ඔවුන් දැඩි පීඩනයකට යොමුවී ඇත.
මහේල මෙලෙස මෙම තරගාවලියේදී දස්කම් දැක්වුවහොත් එය කණ්ඩායමේ සාර්ථකත්වයට මෙන්ම දකුණු අප්‍රිකාවේදී 16.6 ක් ලෙස වාර්තාවී ඇති වූ ඔහුගේ සාමන්‍යය ඉහළයාමටද හේතුවේ. මා පෙර සටහනක දැක්වූ ලෙස, මහේලගේ සංඛ්යයයා දත්ත ඔහුගේ හැකියාවට තරම් නොවේ.
තවද, වෝරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් ලැබීමට පාකිස්ථානුවන් සමත්විය.© 2009 ·සිංහලෙන් ක්‍රිකට් by TNB