Tuesday, September 15, 2009

Compaq Cup – Final ( SL Vs IND )


ඊයෙ උදැහැනැක්කෙ ඉදලම ලකලැහැස්ති වුනා මැච් එක බලන්න. මෙන්න බොලේ උදේ 9.45 ට විතර කරන්ට් එක ගියෙ නැතෑ. මොනා කොරන්නද ? 11 විතර වෙනකං හිටිය. ම්හඃ...... එනපාටක් නෑ. මණ්ඩලෙං ඇහුවාම කියනවා, හවස 5 විතර වෙයිලු. දෙයියෝ සාක්කි, මෙහෙමත් වැඩ. කොහොම හරි මගෙ චයිනිස් කට්ටට පිං සිද්ධවෙන්න, හවස 6.30 ට කරන්ට් එනකං මැච් එක බැලුවා.Apple Ipod Nano

කොහොමහරි ඊයේ තරගය ගැන කථා කිරීමේදී,
තෙන්දුල්කාර්
සමග ඩ්‍රාවිඩ් ඉනිම ආරම්භ කිරීම හා දෝනි අංක 3 ස්ථානයේ පහරදීම, ඉන්දියාව ගත් වැදගත් තීරණයක්. මෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ, කුමන ආකාරයේ තණ තීරුවක් ලැබුනද, ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමයි. මෙයින් ලකුණු අතර නොමැති පඨාන්, රයිනා වැනි පිතිකරුවන් වෙත යොමුවන පීඩනය අඩුවෙනවා. තෙන්දුල්කාර් පළමු පන්දුවේ සිටම කිසිදු අපහසුවකින් තොරව ලකුණු අතරට පැමිණියා. පිතිකරුවන්ට යෝග්‍ය මෙවන් විකට්ටුවල පන්දු යැවීමේදී, හොද පන්දු මිශ්‍රනයක් තිබීම අනිවාර්ය්‍ය කරුණක්. නමුත් ලසිත් මාලිංග තමන් සතු විවිධත්වයකින් යුතු පන්දු යොදාගත් බවක් දක්නට ලැබුනේ නෑ.
මෙන්ඩිස්ගෙන් මුල් කාලයේමෙන් කඩුල්ල මුවා කිරීමෙන්, කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් කඩුලු ලබාගැනීමක් වර්ථමානයේ බලාපොරොත්තු විය නොහැකිය. ඔහුගෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නම්, සැලැස්මකට පන්දු යැවීමට ඔහු යෙදවිය යුතුය.

සනත් හා ඩිල්ශාන් ලබාදුන් ආරම්භය නිසා නැවතත් තරගය විවෘත වූවා. නමුත්, මොවුන්ගෙන් එක් අයෙකු හෝ කඩුල්ලේ සිටියානම් තරගයේ ප්‍රතිඵලය වෙනස් විය හැකිව තිබුණි. කෙසේවුවත්, ශ්‍රී ලංකා කණ්ඩායම 320 ඉලක්කය වෙත මේ තරම් හෝ ලගාවූයේ මොවුන් ලබාදුන් ආරම්භය නිසායි. මන්ද, වර්ථමානයේ දේශගුණික විපර්යාස වල බලපෑමකින් හෝ වෙනයම් හේතූන් නිසා, ප්‍රේමදාස ක්‍රීඩාංගනය දිවා/රාත්‍රී තරග සදහා නුසුදුසු ක්‍රීඩාංගනයක් බවට පත්වෙමින් පවතී.
මහේල ජයවර්ධන තම ස්ථානය වෙනුවෙන් නිසි සාධාරණය ඉටුකළ යුතුයි. එක්දින තරගවලදී ඔහු රදවාගෙන ඇති 32 ක සාමාන්‍යය ඔහුගේ හැකියාවට තරම් නොවේ. සංගක්කාරගේ අවාසනාවන්ත දැවීයාම තරගයේ තීරණය වෙනස් කළ සිදුවීමයි. මේ සංගක්කාර හිට් විකට් ලෙස දැවීගිය තෙවන අවස්ථාවයි. කණ්ඩම්බි හා කපුගෙදර වගකීමකින් යුතුව ක්‍රීඩා කිරීම අනාගතයට සුභ ලකුණකි. තවද, සමරවීර ද සිටී. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පැවති ගැටලු විසදෙන ආකාරයක් දක්නට ලැබේ. 
ඉන්දියානුවන්ගේ පන්දු බළ ඇණිය බොහොම සාමාන්‍යයි. තවද, ඔවුන්ගේ පන්දු රැකීමද එතරම් හොද මට්ටමක දක්නට ලැබුනේ නෑ. ලොව අංක එකේ කණ්ඩායම වීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ නම්, පිතිකරුවන්ගෙන් පමණක් තරග දිනීමේ උපාය වෙනස් කරගතයුතු වන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබුනේ මෙහි අනෙකය. එනම්, පන්දු යවන්නන්ගෙන් තරග ජය ගැනීමයි. නමුත්, ස්ථාවර මැද පෙළක් ඇතිවෙමින් පැවතීම නිසා ඉදිරියේදී පන්දු යවන්නන්මත පමණක් තරගය තීරණය වීම මගහැරෙනු ඇතිබව විශ්වාස කළ හැක.

මේ අනුව, තව සත් දිනකින් දකුණු අප්‍රිකාවේදී ඇරඹෙන
ශූරයන්ගේ කුසලානයේදී (Champions Trophy) ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබදව බලාපොරොත්තු තබාගත හැකි තත්වයක් නිර්මාණයවී තිබේ.

ලකුණු පුවරුව

2 ක් අදහස් දක්වලා:

Anonymous said... [Reply]

දැං ඉතින් ගිය දේ ගැන අමතක කරලා ICC එකට ලෑස්තිවෙන්න තියෙන්නෙ.. ;)
ඒක දිනන්න සෑහෙන හොඳ අවස්ථාවක් තියෙනවා..

September 15, 2009 at 10:00 PM
SIDATH said... [Reply]

අනිවාර්යයෙන්, මුරලිත් ටීම් එකට ආපුවාම ගොඩතමා. අපි ඉන්න group එකේ ඉන්නෙ SA,ENG,NZ.දන්නවනෙ spinersලට මේගොල්ලො මුහුනදෙන හැටි.

September 16, 2009 at 1:25 AM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න