Saturday, September 19, 2009

ශූරයන්ගේ කුසලානයට පෙරවදනක් - i

ශූරයන්ගේ කුසලානය සදහා දකුණු අප්‍රිකාව වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, මේවන විට පළමු පුහුණු තරගය ක්‍රීඩාකර හමාරය. ඒ පාකිස්ථාන කණ්ඩායම සමගයි. ඒ අතරම, නවසීලන්තය, වෝරියර්ස් නම් දෙවන පෙළ කණ්ඩායම සමගද, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සමගද තම පුහුණු තරග පවත්වන ලදි.



මින් ශ්‍රී ලංකාව සහභාගී වූ තරගය පිළිබද කථාකිරීමේදී, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනෙක් ක්‍රීඩාකළ අතර, 11 දෙනෙකු පන්දු රැකීමත්, 11 දෙනෙකු පන්දුවට පහරදීමත් සිදුකරන ලදි. දෙපිලේම නායකයන්ගේ එකගතාව මත පාකිස්ථානුවන් පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙහිදී ආරම්භක පන්දු යවන්නන් ලෙස කුලසේකර සමග ලසිත් මාලිංග යොදාගත් අතර, පාකිස්ථානු ඉනිම ආරම්භකරන ලද්දේ කම්රන් අක්මාල් සමග ඉම්රාන් නසීර් ය. මෙහිදී, ලසිත් ආරම්භක පන්දුයවන්නකු ලෙස අත්හදා බැලීම එතරම් නරක අදහසක් කිවනොහැක. මන්ද, දගපන්දු යවන්නන්ට එතරම් හොදින් මුහුණ නොදෙන කණ්ඩායම් 3ක් සිටින කාණ්ඩයක ශ්‍රී ලංකාව සිටින නිසා, මෙන්ඩිස් හා මුරලි දෙදෙනාම ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩිය. එබැවින් කුලසේකර, තුෂාර, ලසිත් යන තිදෙනාගෙන් එක් අයෙකුට අවස්ථාව අහිමිවිය හැක. තවද, ධම්මික ප්‍රසාද් හොදින් පන්දු යැවීමද, තෙරීම් අපහසු කරනු ඇත. තිලාන් සමරවීර පන්දුවට පහරදීමට නොපැමිණීමෙන් ඔහුගේ අබාධය තවමත් සුවවී නැතිබවක් පෙනේ. හෙට කොදෙව්වන් සමග පවත්වන පුහුණු තරගය ඔහු ක්‍රීඩා කරනුඇතැයි සිතිය හැක. කෙසේනමුත් මෙම තරගාවලියේදී මහේල ලකුණු අතරට පැමිණීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. නැතහොත්, මෙම වේගපන්දු යවන්නන්ට උචිත තණතීරුවලදී තනිකරම සංගක්කාර මත යැපීමට ශ්‍රී ලංකාවට සිදුවේ.
කෙසේ වුවත්, ශ්‍රී ලංකාවට වඩා මෙම තණතීරුවලට හැඩගැසීමට අනෙක් කණ්ඩායම් 3ට ඇති හැකියාව වැඩිය. එබැවින් මෙම තරගාවලිය සිතන තරම් ලෙහෙසි නොවනු ඇත. නමුත් මෙවර දකුණු අප්‍රිකාවට ගොස් ඇත්තේ, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට පිටත්වූ හොදම පන්දුයවන්නන් සහිත කණ්ඩායමයි.




















ලකුණු පුවරු

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය

නවසීලන්තය හා වෝරියර්ස්

ද. අප්‍රිකාව හා බ. ඉ. කොදෙව් දූ.

5 ක් අදහස් දක්වලා:

Chrishi said... [Reply]

සුරංගනා කථාවක් වගේ. සංගක්කාරගෙන් යැපෙනවා කියන්නේ මොකක්ද ? පහුගිය ඉනිම් කිහිපයේම සංගක්කාරට වඩා හොඳින් මහේල පන්දුවට පහර දුන් බව මගේ හැඟිමයි. මෙහිදී 20 තරඟයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම හොඳ ඉනිමක් ලෙස සැලකිය නොහැක.

September 19, 2009 at 3:59 PM
SIDATH said... [Reply]

@Chrishi

ඔබ පහත links බැලුවොත් පෙනී යයි සංගක්කාර හා මහේල විවිධ රටවලදී වාර්ථාකර ඇති ලකුණු සාමාන්‍යයන්.

උදා :- දකුණු අප්‍රිකාවේදී,
සංගක්කාර - 31.76
මහේල - 16.60

සංගක්කාර - http://stats.cricinfo.com/ci/engine/player/50710.html?class=2;template=results;type=batting

මහේල - http://stats.cricinfo.com/ci/engine/player/49289.html?class=2;template=results;type=batting

September 19, 2009 at 4:29 PM
buddhika said... [Reply]

upul taranga tath chance ekak dunnoth narakada?

September 19, 2009 at 11:21 PM
SIDATH said... [Reply]

@wbuddhikam

උපුල් ගේ පිතිකරණයේ තාක්ෂණික ගැටලුවක් තිබෙනවා. කොහොම වුනත් ඔහු සංචිතයේ සිටින බැවින්, ආරම්භක පිතිකරුවන්ට ආබාධයක් සිදුවූවොත් ඔහු යොදා ගනීවි.

September 20, 2009 at 9:36 AM
Anonymous said... [Reply]

ඇන්ජලෝ මැතිව්ස් හොඳයි උපුල් තරංග ගහනවට වැඩිය. කැච් එකක්වත් අල්ලගන්න පුළුවං එකෙක්ද ඔය තරංග. අනිත් පොර ‍ජෙහාන් මූ බරක්.

September 20, 2009 at 7:11 PM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න