Tuesday, September 29, 2009

පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?

විනිසුරු "ප්ලේ" යනුවෙන් පැවසීය. තරගය ඇරඹිණි. පළමු පන්දුවාරය යැවීම සදහා කුලසේකර දිව ආවේය. පිතිකරු මැකලම්. සුපුරුදු පරිදි කුලසේකර පළමු පන්දුව පිට ඉන්නෙන් පිටත පතිතකළ අතර, මැකලම් පන්දුව නිදැල්ලේ හැරීය. කෙසේ හෝ පළමු පන්දුවාරයේ ලකුණු 2 ක් ලබාගැනීමට පිතිකරුවන් සමත්විය. දෙවන පන්දුවාරය යැවීම තුෂාරට පැවරිනි. පළමු පන්දුවට ලකුණක් ලබාගැනීමට රයිඩර් හට නොහැකි වුවද, තෙවන පන්දුවට මුහුණදුන්නේ මැකලම්ය. තුෂාරගේ කරුමයට සිව්වන පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු සලකුණු කරනලදි. පස්වන පන්දුව යැවූපසු විනිසුරු තිරසට අත වැනුවේය.මෙලෙස තුෂාර හා කුලසේකර තවත් පන්දුවාර දෙකක් යවා, නැවතත් කුලසේකර තම තෙවන පන්දුවාරයේ පස්වන පන්දුව යැවීමට සූදානම් විය. එවිට කිවියන් පන්දුවාර හතරකුත් පන්දු හතරක් තුළ, රදවාගෙන තිබූ ලකුණු වේගය වූයේ 5.35 කි. කුලසේකර පන්දුව යැවීය. රයිඩර් මිඩ්විකට් කළාපයට පන්දුව යොමුකර ලකුණක් සදහා දිවගියේය. එක්වරම ඔහුගේ වම් කකුළෙන් වේදනාවක් දැනුණි. ඔහු පිටියේ දිගාවිය. මොහොතකින් භෞතචිකිත්සක සුරූපිණිය පිටියට පැමිණියේය. ඇයගෙන් පිටිය මැද ප්‍රතිකාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය විවේකාගාරය දෙසට සං‍‍ඥා කරමින් දුවන්නෙකු අවශ්‍යය බව දැන්වීය.



රයිඩර් වෙනුවෙන් දිවීම සදහා ඩැරල් ටෆී පිටිය පැමිණියේය. රයිඩර්හට තිබුණේ තමා ගැනම තරහකි. මන්ද, ඔවුන් පෙර දකුණු අප්‍රිකාණුවන් හමුවේ ලැබූ පරාජය නිසා මෙම තරගයේ ජය අනිවාර්යය වීමයි. නමුත් සිදුවී ඇත්තේ තමන්ට ඉක්මනින් පිටියෙන් ඉවත්වීමට සිදුවීමයි. මෙම තරගයට ඔහු පැමිණියේ දහසකුත් බලාපොරොත්තු තබාගෙනයි. මන්ද, මෙයට පෙර ඔහු ක්‍රීඩා කළ ඉනිම් 3 හිම ඔහුගේ ලකුණු සටහන් වූයේ 0,0,8 ලෙසය. එබැවින් ඔහු පැමිණියේ කෙසේ හෝ නැවත ලකුණු අතරට පැමිණීමේ අටියෙනි. එහෙත්, සිදුවී ඇත්තේ ලකුණු 7 ක් ලබා තිබියදී ආබාධයකට ගොදුරු වීමයි. ඔහුට තම තරබාරු ශරීරය සමගම කෝපයක් හටගත්තේය. "දැන් කරන්න දෙයක් නෑ. මට අයේ දවස් ගානකට සෙල්ලම් කරන්න වෙන්නෙ නෑ. වෙනදෙයක් වුනාවේ. එන ඕන බෝලයකට මම බැට් එක වනනවා." ඔහු දැඩිව සිතා ගත්තේය. එතැන් පටන් තරගයේ ස්වරූපය වෙනස්වන්නට වැඩිවේලා ගතවූයේ නැත. තුෂාර යැවූ මීළග පන්දුවාරයේදී කවර් පොයින්ට් කළාපය හරහාත් පිත්තේ දාරයක වැදී ත'ර්ඩ් මෑන් කළාපය හරහාත් හතරේ පහර දෙකක් එල්ල කිරීමට ඔහු සමත් විය. ඉන්පසු පන්දුවාරයේදී හයේ පහරක්ද සමග ලකුණු 14 ක් ඔහු රැස්කිරීය. ඔහුට වැඩිවේලා පිටියේ රැදී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය. ඔහු තම ඉච්ඡාභංගත්වය මෙම පහර දීමෙන් තුණීකර ගැනීමට උත්සාහ කළේය. ඔහු කල්පනාකළේ පන්දුවාර කිහිපයක් තුළ ඔහු දැවීයන බවත්, ඊටපෙර කණ්ඩායමට හැකිතාක් ලකුණු රැස්කරදීමත් ගැනය.

නමුත්, ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට, නැත්නම් ප්‍රතිවාදීන්ගේ අවාසනාවට, ඔහු පිත්ත වනණ සෑම විටම පාහේ පන්දුව පිත්තේ කොහේ හෝ කොනක වැදී, හතරේ සීමාව පසු කළේය. නැතහොත් පන්දු රකින්නන් නොමැති ස්ථානවල පතිත විය. එසේත් නැත්නම් දුන් උඩපන්දුව අතහැරියේය. "පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?" ඔහු තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාකරන ලදි. ඒ පන්දු 28 කිනි. නමුත් තවමත් ගෙවී ඇත්තේ පන්දුවාර 10 කි. කෙසේ හෝ, ඔහුගේ මෙම ප්‍රහාරය දරාගත නොහී, ප්‍රතිවාදී නායකයා පවර් ප්ලේ එක ගැනීම කල්දමන ලදි.එබැවින් ඔහුට එක, දෙක බැගින් ලකුණු ලබා ගැනීමට සිදුවිය. එනම්, ටෆීට වැඩ බහුලවිය. නමුත්, ලැබෙන අවස්ථාවලින් ඵළ නෙළීමට ඔහු පසුබට නොවීය. එවන් අවස්ථාවල පන්දුව නතරවූයේ හතරේ සීමාවෙන් එපිටය. 20 වන පන්දුවාරයේ අවසාන පන්දුව එළ්ඹිණි. ඒ වන විටත් ඔහු මෙම පන්දුවාරයට හතරේ පහරක් එල්ලකර තිබුණි. කුලසේකර දිවඒ. රයිඩර් සූදානම්. රයිඩර් සුපුරුදු ලෙසම පිත්ත හැකිතාක් වේගයෙන් වැනුවේය. නමුත් මෙවර, පිත්තේ දාරයක වැදුණු පන්දුව සංගක්කාර අතට පත්විය. ඔව්, ඔහු දැවීගියා. නමුත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. ඔහුට තවමත් තමා පිළිබදව ඇත්තේ කෝපයකි. සියලු ප්‍රේක්ෂකයන් අසුන් වලින් නැගිට ඔහුට අත්පොලසන් දෙන විට, ඔහු හතරේ සීමාව ආසන්නයේ තිබූ පුටුවකට පිත්තෙන් දමා ගැසීය. ඔහුට නැවත් මෙම තරගාවලියට ක්‍රීඩාකිරීමට වන්නේ නෑ. නමුත් ඔහුගේ එක් බලාපොරොත්තුවක් ඉටුවිය. ඒ ඔහු නැවත් ලකුණු අතරට පැමිණීමයි. නමුත් ඔහුගේ අබාධය සුවවන්නේ කවදාද ?

* සත්‍යය සිදුවීමක් ඇසුරිනි



5 ක් අදහස් දක්වලා:

Dasun Wanaguru said... [Reply]

Sahathika attha
oka thamai kitanne hitha aatnam patha kudada kiyala....

September 29, 2009 at 9:01 AM
දුකා said... [Reply]

නියමයි හොඳට විස්තර කරල තියෙනවා . . ක්‍රිකට් වලට අකමැති මම ආසාවෙන් කියෙව්වා මේ ලිපිය . . ඔබට හොඳට ලියන්න පුලුවන් . . ක්‍රිකට් වලින් ඔබ්බට හිතන්න හිතෙන්නේ නැද්ද ? . . හිතන්න යමක් . . !

September 29, 2009 at 2:47 PM
SIDATH said... [Reply]

@ දුකා

තැන්කූ අයියා. මම තව ගොඩක් දේවල් හිතනවා. මම තාම මගේ ලිවීමේ ‍ශෛලිය අදුර ගනිමින් ඉන්නේ.

September 29, 2009 at 3:47 PM
පැතා said... [Reply]

ඒක එහෙම වුනාට අපේ කට්ටිය නම් සෙල්ලම් කලේ කිසිම වගකීමක් නැති ගානටය. උදා:සංගා,මැතිවුස්,තිලාන් වගේ අය. නැත්නම් අපිට දිනන්න තිබුන අගේට

September 29, 2009 at 10:02 PM
SIDATH said... [Reply]

@ පැතා

ඒක හරි. ඒ වුනාට තරගය වෙනස් වුනේ මෙතනින් කියලයි මම හිතන්නේ. මෙතනින් පස්සේ අපේ අයට තිබ්බේ damage එක recovery කරන්නයි.

September 30, 2009 at 11:36 AM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න